බෙනඩික් පාප් වහන්සේගේ දේහය ශා. පීතර බැසිලිකාවේ තැන්පත් කරයි

171

ස්වර්ගස්ථ වූ බෙනඩික් පාප් වහන්සේගේ දේහය අද (02දා) සිට මහජන ගෞරවය සඳහා වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ තැන්පත් කෙරේ.

හිටපු 16 වන බෙනඩික් පාප් වහන්සේ ස්වර්ගස්ථ වූයේ පසුගිය සෙනසුරාදාය. වතිකානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ 16 වන බෙනඩික් පාප් වහන්සේ 31 වැනිදා පෙරවරු 9.34 ට වතිකානුවේ මාතර් එක්ලෙසියා ආරාමයේදී ස්වර්ගස්ථ වූ බව කනගාටුවෙන් යුතුව දන්වා සිටින බවයි.

95 වැනි වියේ පසුවූ හිටපු පාප් වහන්ගේ කලක සිට රෝගාතුරව පසුවිය. 16 වන බෙනඩික් පාප් වහන්සේ රෝගී සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් මීට දශකයකට පමණ පෙර පාප් පදවියෙන් ඉල්ලා අස්විය. උන්වහන්සේ වසර අටක පමණ කාලයක් කතෝලික සභාවට නායකත්වය දුන් අතර, 1415 දී 12 වැනි ග්‍රෙගරි පාප් වහන්සේගෙන් පසුව ඉල්ලා අස් වූ පළමු පාප්වරයා බවට පත්විය. ජර්මනියේ ජෝසප් රැට්සිංගර් ලෙස උපත ලැබූ 16 වන බෙනඩික් පාප් වහන්සේ 2005 වසරේදී පාප් පදවියට පත්විය. උන්වහන්සේ මෙතෙක් තේරී පත් වූ වයස්ගතම පාප්වරයා වීම ද විශේෂත්වයකි. ඒ වන විට උන්වහන්සේ 78 වැනි වියෙහි පසුවිය.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment