බෙන්තොට හොර සම්බාහන මධ්‍යස්ථානයේ 80 හැවිරිදි වෛද්‍යවරයා සමග කතුන් 2ක් දැලේ

528

දීර්ඝ කාලයක් තිස්සේ කිසිදු බලපත‍්‍රයක් නොමැතිව පවත්වාගෙන ගිය බෙන්තොට දෙද්දුව ප‍්‍රදේශයේ සම්බාහන ආයතනයක් පෙරේදා (22දා* වැටලූ බෙන්තොට පොලිසිය එහි සිටි 80 හැවිරිදි වෛද්‍යවරයකු හා කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගනු ලැබීය.
 
 බලපිටිය මහෙස්ත‍්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම වැටලීම සිදුකර තිබිණි.
 
 කොරෝනා ව්‍යසනය හමුවේ දීර්ඝ කාලයක් වසා දමා තිබූ මෙම ස්ථානය සෞඛ්‍ය නීති ලිහිල් කිරීමත් සමග යළි ආරම්භ කර ඇති බවට ලද තොරතුරු අනුව සෝදිසි වරෙන්තුවක් ලබාගෙන වටලන ලදී.
 
 සම්බාහන ආයතනයක් පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය නිසි බලපත‍්‍රයක් ඔවුන් සතුව නොතිබූ බවත් අවසර ලබා ගැනීම සඳහා අයැදුම් පත‍්‍රයක් ඉදිරිපත් කර ඇති බව ඔවුන් ප‍්‍රකාශ කළ බවත් පොලිසිය කියයි.
 
 පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ එහි සිටි 80 හැවිරිදි ආයුර්වේද වෛද්‍යවරයකු, සම්බාහන කාර්ය සිදු කරන 32 හැවිරිදි විවාහක කාන්තාවක් හා එහි පාලිකාවයි. සැකකාර වෛද්‍යවරයා හා සැකකාරියන් පොලිස් ඇප මත මුදාහැර ඇති අතර ඔවුන් ජූලි මස 27 වන දින බලපිටිය මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 
 බෙන්තොට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ලක්ෂිත වීරසිංහ, උප පොලිස් පරීක්‍ෂක වික‍්‍රමසූරිය, සැරයන් සුරංග (35953* හා කාන්තා පොලිස් කොස්තාපල් නිමන්තිකා (7125* යන මහත්ම මහත්මීන් මෙම වැටලීම සඳහා එක්වී තිබිණි.
 
විජයසිරි විද්‍යාසේකර – කළුතර සමූහ

advertistmentadvertistment
advertistmentadvertistment