බෙන් ස්ටොක්ස් සහ ආචර් නොමැතිව ශී‍්‍ර ලංකාවට එරෙහි එංගලන්ත විස්සයි විස්ස සංචිතය නම් කරයි

244

ශී‍්‍ර ලංකාව සමගින් පැවැත්වන විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලිය සඳහා එංගලන්ත සංචිතය නම්කර තිබේ. එ් අනුව කී‍්‍රඩකයින් 16 දෙනකුගන් යුත් අදාළ සංචිතයේ නායකත්වය ඔයින් මෝගන්ට හිමිව ඇති අතර වසර 6කට පසු කි‍්‍රස් වෝක්ස් සහ වසර 2කට පසු ඬේවිඞ් විලී විස්සයි විස්ස සංචිතයට නම්කර තිබේ.
 
 කි‍්‍රස් වෝක්ස් එංගලන්තය වෙනුවෙන් අවසන්වරට 2015දී විස්සයි විස්ස තරගයකට කී‍්‍රඩා කළ අතර ඬේවිඞ් විලී 2019දී අවසන් වරට ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයක් කී‍්‍රඩා කරනු ලැබීය. කෙසේ වෙතත් මීට අමතරව දඟ පන්දු යවන්නන් කෙරෙහි වැඩි විශ්වාසයක් මෙවර එංගලන්ත තේරීම් කමිටුව තබා ඇති අතර එහිදී 2018 වසරේදී අවසන්වරට ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයක් කී‍්‍රඩා කළ ලියම් ඩෝසන්ද කණ්ඩායමට කැඳවා තිබේ.
 
 මේ අතර බෙන් ස්ටොක්ස්, ජොෆ්රා ආචර් සහ රීස් ටොප්ලි ආබාධවලට ලක්වී තිබීම හේතුවෙන් මෙම සංචිතයට නම්කර නැති අතර දෙරට අතර එක්දි තරගාවලිය කී‍්‍රඩා කිරීමද මෙම කී‍්‍රඩකයන් තිදෙනාට අහිමි වීමට බොහෝදුරට ඉඩ තිබේ. කෙසේ වෙතත් ඉදිරියේදි පැවැත්වීමට නියමිත විස්සයි විස්ස කි‍්‍රකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා තවත් මාස කිහිපයක් පමණක් ඉතිරිව ඇති හෙයින් මෙම තරගාවලියේදී දස්කම් දැක්වීම තම කණ්ඩායමට ඉතා වැදගත් බව එංගලන්ත කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු කි‍්‍රස් සිල්වර්වුඞ් සඳහන් කරයි.
 
 දෙරට අතර පළමු විස්සයි විස්ස තරගය ලබන 23 වැනිදා ආරම්භ වේ.
 
 එංගලන්ත සංචිතය – ඔයින් මෝගන්, මොයීන් අලී, ජොනතන් බෙයාස්ටෝ, සැම් බිලින්ග්ස්, ජෝස් බට්ලර්, සැම් කරන්, ටොම් කරන්, ලියම් ඩෝසන්, කි‍්‍රස් ජෝර්දන්, ලියම් ලිවින්ග්ස්ටෝන්, ඬේවින් මලන්, අදීල් රශීඞ්, ජේසන් රෝයි, ඬේවිඞ් විලී, කි‍්‍රස් වෝක්ස්, මාක් වූඞ්

advertistmentadvertistment
advertistmentadvertistment