බෙල්ජියම පළමු වරටත් නෙදර්ලන්තය සිව්වැනි වරටත් හොකී රන් පදක්කම් දිනති

591

වසරක අතීතයකට හිමිකම් කියන ඔලිම්පික් ක‍්‍රීඩා ඉතිහාසය තුළ පළමු වරට පිරිමි හොකී රන් පදක්කම දිනා ගැනීමට බෙල්ජියම නියෝජනය කළ ක‍්‍රීඩකයෝ බ‍්‍රහස්පතින්දා (05* ජපානයේ ටෝකියෝ අගනුවර ” ඕ අයි” ක‍්‍රීඩාංගනයේදී නිමාව දුටු 32 වන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී සමත් වූහ.

 එකී රිදී පදක්කම ඕස්ටේ‍්‍රලියාව සතු විය.

 මෙම දෙපිල අතර පැවති අවසාන මහා තරගය අපේක්ෂා කළ පරිදි ම අතිශය තියුණු මුහුණුවරක් ඉසිලූ අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස නියමිත මිනිත්තු 60ක කාලය තුළ දෙපිලම ගෝල් 01- 01 ක් ලෙස සම තත්ත්වයක පසුවිය.

 ඒ අනුව ජයග‍්‍රාහී පිල තෝරා ගැනීම උදෙසා දඬුවම් පහර එල්ල කිරීමේ අවස්ථා (08 ීැජදබාි චැබ්කඑහ ීයදදඑ ධමඑ* ලබා දෙන ලද අතර එහිදී ගෝල් 03 – 02 ක තියුණු ජයග‍්‍රහණයක් බෙල්ජියම සතු විය.

 1920 දී ලෝකඩ පදක්කමෙන් ද පසුගිය 2016 දී රිදී පදක්කමෙන් ද සෑහීමට පත්වන්නට සිදු වූ බෙල්ජියම මෙවර ටෝකීයෝ ගමන රන් පදක්කමෙන් අවසන් කර ගැනීම කැපී පෙනුණි.

 මෙවර තරග මාලාව තුළ ගෝල් 14 ක් සටහන් කර ගනිමින් පෙරමුණේ පසුවූ හෙන්ඩ‍්‍රික් ඇලෙක්සැන්ඩර් බෙල්ජියම ට ජය තහවුරු වුණු අවසන් දඬුවම් පහර  සාර්ථක කරගත්තේය.

 මේ අතර වාරයේ කාන්තා ලෝකඩ පදක්කම දිනා ගැනීමට පසුගිය වර රන් පදක්කම් ලාභී මහා බි‍්‍රතාන්‍යය සමත්වූයේ ඉන්දියාව ගෝල් 04 – 03 ක් ලෙස පරාජයට පත් කරමින්ය.

 දෙවන කාර්තුව නිමා වන විට ගෝල් 03 – 02 ක් ලෙස පෙරමුණ ගැනීමට ඉන්දියාව සමත් වුවද සිව්වන කාර්තුවේදී ගෝලයක් සටහන් කර ගැනීමට මහා බි‍්‍රතාන්‍යය ට හැකිවිය. ඒ අනුව 1980 මෙන්ම මෙවරද සිව්වන ස්ථානය සෑහීමට පත්වන්නට ඉන්දීය කාන්තා පිලට සිදුවිය.

 ඊයේ (06* සවස පැවැති කාන්තා අවසන් තරඟයේදී ආජන්ටිනාව ගෝල් 03 – 01 ක් ලෙස පරාජයට පත් කරමින් රන් පදක්කම දිනා ගැනීමට නෙදර්ලන්තය සමත් විය. නෙදර්ලන්තය විසින් කාන්තා හොකී රන් පදක්කම දිනාගත් සිවුවැනි අවස්ථාව මෙය විය.මීට පෙර 1984. 2008. 2012 නෙදර්ලන්තය ශූරීන් වූහ.

 ඊයේ (06*අවසාන තරඟයේ සටහන් වූ සියලූ ගෝල් දෙවන කාර්තුවේ දී ලබා ගැනීමට දෙපිලේ ක‍්‍රීඩිකාවන් සමත් වීම විශේෂත්වයකි.

 ඒ අනුව ආජන්ටිනාවේ රන් සිහිනය මෙවර ද අසාර්ථක විය .

 මීට පෙර නෙදර්ලන්තය ට රිදී 02 (2004.2016* ක් සහ ලෝකඩ 03 (1888.1996.2000* ක් හිමිවූ අතර ආජන්ටිනාව අවසන් තරගයට වරම් ලැබූ අවස්ථා ද්විත්වයේම රිදී පදක්කමෙන් සෑහීමට පත් වන්නට සිදුවිය .2000 සහ 2012 රිදී පදක්කම ද 2004 සහ 2008 ලෝකඩ පදක්කම ද ආජන්ටිනාව සතු විය.

 අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment