බෙල්ලන්විල විමලරතන අනු නාහිමියෝ අපක්ෂපාතී, හිමිනමක් – තිරිකුණාමලේ ආනන්ද නාහිමි

48

භික්ෂූන් වහන්සේ දේශපාලන පක්ෂයකට යටත් වුණොත් ඒ තුළම තිබෙනවා භික්ෂූත්වයේ කෙලෙසා ගැනීමක්. දීන කිරීමක්, බැගෑපත් කිරීමක්. ඒ නිසා භික්ෂූන් වහන්සේ නමක් වුණොත් අපක්ෂපාතී වෙන්න ඕන. අදීන වෙන්න ඕන. අපවත් වී වදාළ බෙල්ලන්විල විමලරතන අනු නාහිමියෝ එවැනි අදීන සම්භාවනීය ස්වාමීන් වහන්සේ නමක් යැයි අමරපුර ධර්ම රක්ෂිත මහ නිකායේ මහානායක රාජකීය පණ්ඩිත ත්‍රීකුණාමලේ ආනන්ද නාහිමියෝ පැවසූහ.

උන්වහන්සේ එසේ ප්‍රකාශ කළේ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නායක හිමියන්ගේ 5 වැනි ගුණානුස්මරණය වෙනුවෙන් ඉකුත් 03 දින විහාරස්ථානයේ පැවති දානමය පිංකමේ පුණ්‍යානුමෝදනා දේශනාව පවත්වමිනි.

ජාති ආගම් පක්ෂ භේද නොසලකා සෑම මිනිසකුගේම චිර ජීවනය ඉත සිතින් අපේක්ෂා කළ අනු නායක හිමියෝ ජාතික ආගමික හා සමාජ සේවා රැසක් ඉටු කරමින් සිටි බව පැවසූ ත්‍රීකුණාමලේ ආනන්ද මහා නායක හිමියෝ මෙසේ සඳහන් කළහ.

රටේ යහපත උදෙසා නොපැකිලව කටයුතු කළ විමලරතන හිමියෝ 13 වන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වූ කෙනෙක්. අද මෙහි මූලාසනයේ සිටින ඉත්තෑපානේ මහා නායක හිමි, අපවත් වී වදාළ මාදුළුවාවේ හිමි, මඩිහේ මහානායක හිමි වැනි අද්විතීය මහ නාහිමිවරු මුලසිටම ඊට විරුද්ධ වුණේ එය මේ රටට අහිතකර නිසයි. එය මේ රටට බලහත්කාරයෙන් පටවපු සංශෝධනයක් නිසයි.

ඒ නිසා මහා සංඝරත්නය වශයෙන් අපි එක්ව ක්‍රියා කළයුතු කාළය එළඹ තිබෙනවා. මම මේ වචන ටික ප්‍රකාශ කළේ කිසියම් පක්ෂයකට හෝ පුද්ගලයකුට පහර ගහන්න නෙවෙයි. විමලරතන අනුනායක හිමි අද සිටියා නම් ප්‍රකාශ කරනවා යැයි සිතෙන වචන ටිකයි මා කීවේ.
ඥානතිස්ස ජයවර්ධන – බොරලැස්ගමුව

advertistmentadvertistment
advertistmentadvertistment