බෙල්ල කැක්කුමට බලපාන හේතු

1542

බෙල්ල ආශ්‍රිතව පවතින වේදනාව වර්තමාන සමාජයේ තරුණ, මහලු වයස් භේදයකින් තොරව බහුලව දක්නට ලැබෙන රෝගී තත්වයකි.

බෙල්ල කියන්නේ කශේරුකාවේ ඉහළම කොටසයි, කශේරුකා 7කින් සැදුණු මෙය අස්ථි, පේශි, නහර, ස්නායුවල අපූරු නිර්මාණ කොටසකි. බෙල්ලෙහි කශේරුකා දෙකක් අතර පිහිටා තිබෙන අන්තර් කශේරුකා මඬල හෙවත් කාටිලේජ දිරාපත් වීමක් ගෙවියෑමක්, පැතලි වීමක් නිසා ඇතිවන වෙනස ප්‍රදාහක තත්ත්වයක් ලෙස හඳුන්වනවා. මෙය බෙල්ලෙහි ඇතිවන ඔස්ටියෝ ආතරයිටිස් තත්වයක්. මේ නිසා වේදනාව දැනෙන්න පුළුවන්. degenerative changes f,i X – ray වාර්තාවල සටහන් වෙනවා.

හරියට ම වේදනාව හටගත් හේතුව පිළිසකර නොවුනහොත් මෙම ගෙවීයෑම නිසා කශේරුකා එකිනෙකට ගැටීම සිදුවෙන්න පුළුවන්. එවැනි තත්ත්වයක දී අස්ථි කැබලි කශේරුකා දාරවල සෑදීම නිසා ස්නායු තෙරපීම ඇතිවී වේදනාව අත දිගේ ඇති වෙන්න පුළුවන්.

මුල් තත්ත්වය දැන් ටිකක් බරපතළ වෙලා. ගෙවීයන ස්ථාන තදවීමක් , දිරායෑමක් , පටුවීමක් නිසා ස්නායු තෙරපීමක් වුවද ඇතිවිය හැකියි. එය cervical spondylosis f,i x -ray වාර්තාවලින් දැනගන්න පුළුවන්.

හෝමෝන වෙනස්කම්, වයස නිසා,පෝෂණය අඩුකම නිසාත්, අස්ථි දිරායෑමත් වේදනාවට හේතු වෙනවා. එය අපි osteoporosis ලෙස හඳුන්වනවා. එය Dexa Scan එකෙන් අපට තහවුරු කරගන්න පුළුවන්.

අස්ථි 2ක අතර කාටිලේජ් ජෙල් වැනි කොටස ඉදිරියට නෙරා ඒම ((disc bulge) කියනවා. එයත් වේදනාවට හේතුවක්. මෙය x -ray / MRI වාර්තාවල සටහන් වෙනවා. එම ජෙල් කොටස සුෂුම්නාව තෙරපුනොත් දැරිය නොහැකි අධික වේදනාවක් බවටපත් වෙනවා. අපි කියනවා cervical herniation කියලා. මෙය MRIවල සටහන් වනවා.

වයස්ගත වන කොට අස්ථි එකිනෙක ගැටීමේ දී වෙනස් වී සිදුවන අසාමාන්‍ය වර්ධනය නිසා ස්නායු මාර්ග පටුවී වේදනාව ඇති කරනවා. මෙය cervical stenosis කියනවා. මේ තත්ත්වයත් x -ray / MRI වාර්තාවල සටහන් වෙනවා.

අස්ථි එකිනෙක ලිස්සා යෑම නිසා වේදනාව ඇතිකරනවා. බොහෝ අයට මෙවැනි අවස්ථාව වේදනාවට වඩා පිච්චෙනවා වගේ දැනෙන්නේ. මෙය සටහන් වෙනවා slip disc නැත්නම් pondyloliathesis කියලා. මෙය Grade I , Grade II , Grade III , Grade IV , ලෙස ශ්‍රේණිගත කරනවා කියනවා. මේ තත්ත්වයත් X – ray/MRI වාර්තාවල සටහන් වෙනවා.

අස්ථි අතර ඇතිවන වෙනස්කම් තව බොහෝමයක් තියෙනවා. වේදනාව පමණක් නැතිකරන ඖෂධ අපි ගැනීම තුළින් මේ තත්ත්ව නොදැනුවත්ම වර්ධනය වී ශල්‍යකර්මවලට මුහුණ දෙන්න වෙනවා.

ඊට අමතර හේතු ගත්තොත් , බෙල්ල අවට අස්ථි අතර බන්ධනී තදවීම , මාංසපේශි තදවීම නිසා උරහිස දක්වාම වේදනාව ගමන් කරනවා. බොහෝ අයගේ උරහිස අතේ උඩ බාහුව වේදනාකාරියි. එයටත් බෙල්ලේ සිට ඇතිවන වෙනස්වීම බලපානවා. මෙය එක් බාහුවකට හෝ දෙකට ම වේදනාව ගෙනදෙන හේතුවක් වෙනවා.

අපි ඉන්න ඉරියව්, වැඩ කරන ආකාරය බලපානවා. පරිගණක ආශ්‍රිතව සේවය කරන අය, මහත අය විශේෂයෙන් බොහෝ පීඩාවට පත්වෙනවා. ඒ වගේම රැකියාවේ ආතතියත් හේතු වෙනවා. එය දීර්ඝ කාලීනව තිබුණහොත් බෙල්ලේ කණ්ධරාබන්ධනී තදවීමට ලක්වී ටිකෙන් ටික අස්ථි වෙනස්වීම් ද සිදුවෙන්න පුළුවන්. හිසට රුධිරය ගෙනයන නාළවලට අවහිරතා ඇතිවුවහොත් අධික හිසරදය පවා මේ නිසා ඇතිවෙන්න පුළුවන්.

නොසිතූ අවස්ථාවල සිදුවන හදිසි අනතුරු නිසාත්, වයසට වඩා අධික තරබාරුව, ජානමය බලපෑම්, දුම් පානය, මත්පැන් පානයත්, බෙල්ල වේදනාවට හේතු වෙනවා.

මෙසේ කුමන හෝ හේතුවන් මත බෙල්ල ආශ්‍රිතව ඒ ඇතිකරන අස්ථි, පේශි, නහර, ස්නායු ගත වෙනසක් බාහිරට පෙන්වන ආකාරය රෝග ලක්ෂණයක් වෙනවා.

එනම් බෙල්ල උඩ එන අධික වේදනාව අධික හිසරදය අතේ උඩ බහුවේ එන අධික වේදනාව, මෙය මැණික් කටු සන්ධිය මාපට ඇඟිල්ල, දබරඇඟිල්ල, මැද ඇඟිල්ල, දක්වා එන වේදනාව වගේම හිරිවැටීම වෙන්න පුළුවන්. මෙය එක අතක පටන් අරන් අත් 2කේම වුණත් වෙන්න පුළුවන්. බෙල්ල නිසි ලෙස චලනය කරන්න බැරිවීම.

ඒ වගේම සමබරතාව නැතිව වැටෙන්න යෑම. මධ්‍යම රාත්‍රියට එන වේදනාව මෙසේ බොහෝවිට බෙල්ල ස්නායු තෙරපුමට ලක් වීමත් වෙනවා. තව බොහෝ රෝග ලක්ෂණ ඇතිවෙන්න පුළුවන්.

ඉතින් මෙවැනි වෙනස් වීමක් පෙන්වන රෝග ලක්ෂණ හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාරවලදී ප්‍රධාන තැනක් ගන්නවා. අප වෛද්‍ය ක්‍රමයේ “සමාන දෙයින් සමාන දේ සුවපත් වේයන මුලධර්මයට අනුව රෝග ලක්ෂණයට සමාන වූ ඖෂධය දීම තුළ බෙල්ලෙහි අස්ථි, පේශි, නහර, ස්නායු ගතව වෙනස් වූ වෙනස ඒ කියන්නේ වේදනාව ඇති කළ හේතුව ඇතුළාන්තයෙන්ම ටිකෙන් ටික යථාතත්වයට ගෙන ඒම සිදුකරනවා. ගෙවීයන කාටිලේජ, අස්ථිපටක නැවත ගොඩනැඟීම, ස්නායු යථාතත්ත්වයට පත්වීම මේ තුළින් සිද්ධ වෙනවා.

හෝමියෝපතිවල විශේෂම ලක්ෂණය මෙය බෙල්ල පමණක් නොව, කොන්ද, දණහිස්, ශරීරයේ කොතැනක හෝ ඇතිවන මේ ව්‍යුහාත්මක වෙනස්කම් වගේම රසායනික වෙනස්වීම්, ප්‍රතිශක්තිකරණය ගොඩනැඟීම තුළින් ගෙවීගිය සෑම ස්ථානයක්ම යථාතත්ත්වයට පත් කරනවා. මේ නිසා රෝග ලක්ෂණ නැතිවී යෑම, රෝගියාගේ නිට්ටාවට සුවය අපට ලබා ගන්න පුළුවන් වෙනවා. වේදනා නාශකවලින් තොරව හේතුව නැති කරන නිට්ටාවට සුවය දෙන අතුරු ආබාධ නැති හෝමියෝපති වෛද්‍ය ක්‍රමය තුළින් ඔබත් සුවපත් වන්න.

වැඩිදුර විස්තර සඳහා දුරකථන අංක 0718250716 අමතා ලබාගත හැකිය.

බෙල්ල කැක්කුමට බලපාන හේතු

එච්. කේ. හෝමියෝපති
ආරෝග්‍යශාලාවේ නිර්මාතෘ
වෛද්‍ය අනුෂා හේමකුමාර
එච්. කේ. හෝමියෝපති හෙල්ත් කෙයාර් සෙන්ටර්
නො.12, පී. බී. අල්විස් පෙරේරා මාවත, කටුබැද්ද, මොරටුව.

advertistmentadvertistment
advertistmentadvertistment