බෙලිඅත්ත සභාපතිගේ බට සොරකම හෙළිකළ පුද්ගලයාට පහර දුන් පුත්‍රයා අතුරුදන්

451

ජල ව්‍යාපෘතියකට අයත් ජී. අයි. පයිප්ප බට 19 ක් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ගැන පොලිසියට තොරතුරු දුන් බව කියන පුද්ගලයාට පහර දුන් එම සභාපතිවරයාගේ පුත්‍රයා පොලිසිය මඟහැර සිටින බව වාර්තා වේ.

මේ පිළිබඳ බෙලිඅත්ත පොලිසියේ නිලධාරියකු ‘දිවයින’ ට පැවසුවේ සැකකරුට පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දුන්නත් ඔහු මෙතෙක් පොලිසියට ඉදිරිපත් නොවූ බවය.

ඔහු විසින් පහර දුන් පුද්ගලයා රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර සැකකරු නිවසේ ද නැතැයි පොලිසිය කියයි.

මෙම බට හොරකම පිළිබඳව බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ ඊට අනුබල දුන් ඔහුගේ සොහොයුරා මෙසේ රිමාන්ඩ් භාරයේ පසුවෙති.

සොරාගත් බට තොගය සභාපතිවරයාගේ සොහොයුරාගේ නිවසේ තබාගෙන ඒවා මාලබේ ආයතනයකට විකිණීමට සැලසුම් කරමින් සිටියදී පොලිසියට ලැබුණු තොරතුරක් මත සභාපතිවරයා සහ සොහොයුරා අත්අඩංගුවට ගෙන තිබේ.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment