බෙහෙත් ගන්න ජපානයෙන් ඩොලර් මිලියන 1.5ක්

117

දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලාංකික ජනතාවගෙන් වඩාත් අවදානමට ලක්ව ඇති සමාජ කණ්ඩායම්වල හදිසි අවශ්‍යතාවන් සපුරාලීම සඳහා ජපාන රජය විසින් මෙම ආධාර මුදල යුනිසෙෆ් සංවිධානය හරහා මෙරටට ලබාදෙනු ඇත.

මේ යටතේ මිලියන 1.2ක ජනතාවකට ඖෂධ සපයා ගත හැකිවනු ඇති අතර, ගැබිනි කාන්තාවන් සහ කිරිදෙන මවුවරුන් 53,000ක් සහ රෝගී දරුවන් 122,000කට ආසන්න සංඛ්‍යාවකට සෙත සැලසෙනු ඇත.

මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධීකරණය යටතේ රට පුරා පිහිටි සෞඛ්‍ය මධ්‍යස්ථාන වෙත මෙම ඖෂධ බෙදා හැරීමට නියමිතව තිබේ.

ජපාන රජය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙනු ලබන මෙම හදිසි සෞඛ්‍ය ආධාරය ප්‍රශංසනීය තත්ත්වයක් බව සඳහන් කරන යුනිසෙෆ් ආයතනයේ ශ්‍රී ලංකාවේ නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතා මෙම ඖෂධ ඉතා ඉක්මනින් ලබාදීම සඳහා කටයුතු සිදු කරනු ලබන බව ද සඳහන් කර සිටී.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment