බෙහෙත් නැහැ රෝහල් අඩාලයි – සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රය අර්බුදයක සුවසිරිපාය ඉදිරිපිට GMO විරෝධතාවේ

237

ජනතාව ජීවත්කර වීමට සහ ආරක්‍ෂා කිරීම සඳහා සෞඛ්‍ය ප‍්‍රතිපත්තිවලට මූලිකත්වය ලබාදෙන ලෙස රජයට බලකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (6 දා) සෞඛ්‍ය අමාත්‍යාංශය (සුවසිරිපාය) ඉදිරිපිට විරෝධතාවක නිරත විය.

හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා සහ වත්මන් සෞඛ්‍ය ඇමැතිවරයා ද අවිධිමත් ලෙස කටයුතු කිරීම නිසා වර්තමානයේදී සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයම බරපතළ අර්බුදයකට ලක්ව ඇතැයි ද විරෝධතාවට එක්ව සිටි වෛද්‍යවරු ප‍්‍රකාශ කළහ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත්කර තිබියදී ඖෂධ උපකරණ සහ අනෙකුත් ද්‍රව්‍යයන් රෝහල් තුළට සපයා දීමට රජය කටයුතු කර නැති බව ද වෛද්‍යවරුන් මෙහිදී රජයට සහ සෞඛ්‍ය අමාත්‍යාංයට චෝදනා කළහ.

නිදහස් සෞඛ්‍ය සේවයක් මෙරට රෝහල් පද්ධතිය තුළ පවත්වාගෙන යෑමට විශාල ලෙස බාධා පැමිණ ඇති නිසා රෝහල් පද්ධතියට අත්‍යවශ්‍ය දෑ ලබාදීම වෙනුවෙන් ප‍්‍රමුඛතාව ලබාදීම සඳහා රජය අනවශ්‍ය මුදල් වියදම් නතර කළ යුතු බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.

සුජීව තත්සර
 

advertistmentadvertistment
advertistmentadvertistment