බෙහෙත් වර්ග 200ක හිඟයක්

99

සෞඛ්‍ය සේවාව පවත්වා ගෙන යෑමට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 200 ක බරපතළ හිඟයක් පවතින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කරයි.

තත්ත්වය මෙසේ තිබිය දී සෞඛ්‍ය අමාත්‍යාංශය එම ඖෂධ හිඟය පියවීමට පියවර ගෙන ඇත්තේ ‘අත්‍යවශ්‍ය ඖෂධ ලිස්ට්’ වෙනස් කරමින් වෙනත් අත්‍යවශ්‍ය නොවන ඖෂධ ගෙන්වීම සඳහා මූලිකත්වය ලබාදෙමින් එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා ‘දිවයින’ ට ඊයේ (01 දා) සඳහන් කළේය.

මේ වනවිට වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් සිදු කරනු ලබන අත්‍යවශ්‍ය පරීක්‍ෂණ හැත්තෑවක් නතර කර දමා ඇති බවත් ප්‍රධාන රෝහල් හයක ‘සීටී ස්කෑන්’ යන්ත්‍ර ද මාස ගණනක සිට පූර්ණ ලෙස අකර්මන්‍යව පවතින බවත් ඒ මහතා පැවසීය.

ජාතික රෝහලේ කැනීටර් රසායනාගාරය මාස තුනක් වහලා. ළමා රෝහලේ වකුගඩු ක්‍රියාකාරිත්වය මනින යන්ත්‍රය මාස හයක් ක්‍රියාත්මක කර ගන්න අවශ්‍ය සැපයුම ලබාදී නැහැ. මහනුවර පිළිකා ඒකකයේ ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර දෙකම අකර්මන්‍යය යැයි ද රවී කුමුදේශ් මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment