බෙහෙත් වර්ග 525 ක ශල්‍ය ද්‍රව්‍ය 5376 ක තොග අවසන්

380

කොළඹ වෛද්‍ය සැපයීම් අංශයේ ඖෂධ වර්ග 525ක හා ශල්‍ය ද්‍රව්‍ය 5376ක තොග අවසන් වී ඇතැයි රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් පී. තිලකරත්න මහතා දිවයින ඉරිදා සංග්‍රහයට පැවසීය.

වෛද්‍ය සැපයීම් අංශයේ ඖෂධ වර්ග 1358ක් තිබිය යුතු වුවත් ඉන් 525ක තොග නොමැති බවත් ඔහු කීවේය. තවද ශල්‍ය ද්‍රව්‍ය වර්ග 855 ක් තිබිය යුතු වුවත් ඉන් 5376ක තොග අවසන් වී ඇති බවද ඒ මහතා සඳහන් කළේය. මේ වන විට වෛද්‍ය සැපයීම් අංශයේ තිබිය යුතු ඖෂධ වර්ගවලින් සියයට 50ක තොග අවසන්වී ඇති බවද ඔහු පැවසීය. හිඟ ඖෂධ අතර ජීවිතාරක්‍ෂක ඖෂධ වර්ග 06ක්, අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 239ක් හා කලාතුරකින් අවශ්‍ය වන ඖෂධ වර්ග 280ක් වෙයි. තවද අත්‍යවශ්‍ය ශල්‍ය ද්‍රව්‍ය 2721ක් මේ වන විට වෛද්‍ය සැපයීම් අංශයේ තොග අවසන් වී ඇති බවද හෙතෙම සඳහන් කළේය.

හදිසි හෘදයාබාධ සඳහා භාවිතා කරන ඖෂධ, ජලභීතිකාව සඳහා භාවිතා කරන එන්නත් වර්ග මේ වන විට තොග අවසන් වී ඇති අතර ඉන්දියානු ණය ක්‍රමය යටතේ මෙම ඖෂධ බොහොමයක් ඇණවුම් කර ඇතිමුත් අදාළ තොග ශ්‍රී ලංකාවට පැමිණීමට තව සති හයක් පමණ ගතවනු ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment