බෙහෙත් හිඟය බරපතලයි – ඖෂධ වර්ග 241 ක් හා ශල්‍ය ද්‍රව්‍ය වර්ග 4800 ක හිඟයක්

897

රසායනාගාර ද්‍රව්‍ය 850 ක් හා එක්ස්රේ අයිතම 18 ක හිඟයක්..
– ජාතික විගණන කාර්යාලය පවසයි

රටේ ඖෂධ හිඟයක් මතුවීමට ප්‍රධාන හේතුව විදෙස් මුදල් හිඟය පමණක් නොව වෛද්‍ය සැපයුම් කළමනාකරණයේ ද පවතින දුර්වලතා බව ඒ සම්බන්ධව සිදුකළ විගණනය මගින් අනාවරණය වී ඇත. ඒ අනුව හෙළිවී ඇති දුර්වලතා ලෙස වෛද්‍ය සැපයුම් කළමනාකරණය සඳහා ස්ථාපිත කර තිබූ පරිගණක පද්ධතිය නිසි ලෙස යාවත්කාලීන කර නොතිබීම සහ එය නිසි ලෙස භාවිතයට නොගැනීම, ඖෂධ ඇණවුම් කිරීමේ කාර්යේදී සෞඛ්‍ය අමාත්‍යාංශය, රාජ්‍ය අමාත්‍යාංශය, වෛද්‍ය සැපයීම් අංශය ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව යන රාජ්‍ය ආයතන අතර මනා සම්බන්ධතාවක් හා සම්බන්ධීකරණයක් නොතිබීම ආදිය මෙන්ම මෙකී ආයතන විසින් ඇණවුමට අදාළ කටයුතු හුදකලාව සිදුකරමින් පැවති බව ද විගණනය මගින් අනාවරණය කර තිබේ.

රජයේ රෝහල්වල අත්‍යවශ්‍ය හා වැදගත් ඖෂධ හා ශල්‍ය ද්‍රව්‍ය රැසක හිඟයක් මේ වන විට ඇති වී තිබේ. එහෙත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් මීට පෙර සඳහන් කර තිබුණේ ඖෂධ හිඟයක් නොමැති බවය. එහෙත් පසුව අමාත්‍යවරයා සඳහන් කළේ ඖෂධ හිඟයක් නැති බව තමා සඳහන් කළේ නිලධාරීන් තමන් වෙත ලබා දුන් දත්ත පදනම් කර ගෙන බවය. අප රටේ වැදගත් අත්‍යවශ්‍ය හා අත්‍යවශ්‍ය නොවන අයිතම් වශයෙන් රෝහල් සඳහා භාවිතා කරන ඖෂධ වර්ග සංඛ්‍යාව 1146කි. ශල්‍ය ද්‍රව්‍ය සංඛ්‍යාව 8648කි. රසායනාගාර සංඛ්‍යාව 3900කි. එක්ස්රේ අයිතම් සංඛ්‍යාව 44කි. කෙසේ වුවද මෙම වර්ෂයේ (2022) මැයි මස 13 වැනිදා වන විට වෛද්‍ය සැපයුම් අංශයේ සහ රෝහල් තුළ වැදගත් හා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 241ක් හා ශල්‍ය ද්‍රව්‍ය වර්ග 4880ක හිඟයක් පැවැති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.එමෙන්ම වෛද්‍ය සැපයුම් අංශයේ හා රෝහල්වල නිතිපතා භාවිතයට ගන්නා රසායනාගාර ද්‍රව්‍ය 850ක් හා එක්ස්රේ අයිතම් 18ක හිඟයක් පැවතුණි. මෙදිනට වෛද්‍ය සැපයුම් අංශයේ හිඟව පැවැති වැදගත් හා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග සංඛ්‍යව 190කි. රෝහල් තුළ ද වැදගත් හා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 51 හිඟයක් පැවැති බැව් විගණන වාර්තාවේ සඳහන් වෙයි. වෛද්‍ය සැපයුම් අංශයේ වැදගත් හා අත්‍යවශ්‍ය ශල්‍ය ද්‍රව්‍ය 2724ක සහ රෝහල් තුළ වැදගත් හා අත්‍යවශ්‍ය ශල්‍ය ද්‍රව්‍ය අයිතම් 2156ක හිඟයක් පැවතුණි.

එමෙන්ම මැයි මස 13 වැනිදා වන විට මාසයකටත් වඩා අඩු කාලයක් සඳහා පමණක් ප්‍රමාණවත්ව ඇත්තේ වැදගත් ඖෂධ වර්ග 14කින් 06ක් හා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 646කින් 104ක් හා අත්‍යවශ්‍ය නොවන ඖෂධ වර්ග 486කින් 45ක් බව ද විගණනය මගින් අනාවරණය කර ඇත. මාසයකටත් වඩා අඩු කාලයක් සඳහා ප්‍රමාණවත්ව ඇති ශල්‍ය අයිතම් සංඛ්‍යාව 1102ක් වන අතර රසායනාගාර අයිතම් 385ක් බව ද විගණන වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම රෝග කාණ්ඩ 15ක් සඳහා භාවිතයට ගන්නා වැදගත් හා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 179ක් වෛද්‍ය සැපයුම් අංශය තුළ හිඟව පවතින අතර සෞඛ්‍ය ආයතන තුළ හිඟව පවතින වැදගත් හා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග සංඛ්‍යාව 43කි.ආසාදන, හෘද, ස්නායු, ස්වසන, ආමාශ, ඇස, කන, නාසය, පිළිකා, ප්‍රසව හා නාරිවේද මුත්‍රා ආබාධ, මාංශපේශී හා සන්ධිරෝග වැනි රෝග සඳහා භාවිතා කරන ඖෂධ වර්ග හිඟව පවතියි. එමෙන්ම අන්තරායකර ඖෂධ, පෝෂණ හා රුධිරයට බලපාන ඖෂධ ප්‍රතිශක්තිකරණ හා නිෂ්පාදන එන්නත්, අන්තරාසර්ග පද්ධතිය ආශ්‍රිත ප්‍රතිකාර, නිර්වින්දන, ප්‍රති විරෝධක සඳහා භාවිතයට ගන්නා ඖෂධ වර්ගවල හිඟයක් පවතින බවද විගණන වාර්තාවේ සඳහන් වෙයි. පිළිකා රෝග සඳහා භාවිතා කරන ඖෂධ වර්ග 85කින් 41ක හිඟයක් පවතියි.

නිර්වින්දන කටයුතු සඳහා භාවිත කරන ීමං්පැඑයදබසමප ජයකදරසාැ එන්නත වෛද්‍ය සැපයුම් අංශයේ ඇත්තේ සති 02කටත් අඩුකාලයක් සඳහා පමණි. ජලභීතිකා රෝගයට නිරාවරණය වූ රෝගීන්ට ලබාදෙන වැදගත් ඖෂධයක් වන ්බඑස ඍ්ඉසැි ීැරමප අයිතමයේ තොග වෛද්‍ය සැපයීම් අංශයේ අවසන් වී තිබුණි. රෝහල් සඳහා මෙකී ඖෂධය පැවැතියේ මාසයකටත් අඩු කාලයක් සඳහා පමණි. මෙකී ඖෂධය හිඟවීමට හේතුව විනිමය හිඟය නොව ප්‍රසම්පාදන ගැටලු බව නිරීක්ෂණය වී ඇති බැව් විගණන වාර්තාවේ සඳහන් වෙයි.

වෛද්‍ය සැපයුම් කළමනාකරණ ක්‍රියාවලිය වඩා යහපත් ලෙස සංවිධානය කර ගැනීමට හා රජයේ රෝහල්වලට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග අඛණ්ඩව සැපයීම සඳහා වෛද්‍ය සැපයුම් කළමනාකරණ පද්ධතියක් පවත්වා ගෙන යෑම සඳහා රුපියල් රුපියල් මිලියන 191.7ක් වැය කර තිබුණි. මෙකී තොරතුරු පද්ධතිය මගින් අමාත්‍යංශය යටතේ ඇති රෝහල් හා ආයතන 55කට ප්‍රාදේශීය ඖෂධ ගබඩා 26කට ජාතික ඖෂධ නියාමන අධිකාරියට ජාතික ඖෂධ තත්ත්ව පාලන රාසායනාගාරයට හා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට සම්බන්ධ කර තිබුණි. වෛද්‍ය සැපයුම් අංශය මගින් ඊළඟ වර්ෂය වෙනුවෙන් ඇණවුම්කරණ 13000ක් පමණ වන වෛද්‍ය සැපයීම් අයිතම්වල ප්‍රගතිය අධීක්ෂණය කිරීමට වසර ගණනාවක සිට ප්‍රමාණවත් පියවරගෙන නොතිබුණි. වෛද්‍ය සැපයුම් අංශය විසින් මාස 11ක සැපයුම් කාලයක් සහිතව ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෙත 2021 හා 2022 වර්ෂයන් වෙනුවෙන් ඇණවුම් නිකුත්කොට තිබුණි. එහෙත් විගණන දිනය වනවිටත් ඇණවුම් 27කට අදාළ ප්‍රසම්පාදන කටයුතු අවසන් කිරීමට අදාළ නිලධාරීන්ට නොහැකි වී තිබේ.
 

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment