බේකරි කර්මාන්තය කඩා වැටීමෙන් ලක්ෂ 15 පිරිසක් අන්ත අසරණ බවට අඳෝනා

106

පවතින ආර්ථික අර්බුදය හමුවේ දිවයින පුරා බේකරිවල සේවය කරන සේවකයන් ලක්ෂ 6 කට අධික පිරිසක් අන්ත අසරණ වී සිටින බව දෙහිවල අත්තිඩිය ප්‍රදේශයේ බේකරි සේවක අශෝක දේශප්‍රිය මහතා පැවසුවේය.

බේකරි සේවකයන් පත්ව ඇති මෙම තත්ත්වය මත ඔවුන්ට තම දරුවන් පාසල් යවා ගැනීමට පවා නොහැකි තත්ත්වයක් මතුව තිබේ.

රටේ පවතින තත්ත්වය මත සතියට දින තුනක් සේවයේ යෙදී සිටින අශෝක මහතා පවසන්නේ දිනකට තමාට ලැබෙන රු. 1,100 ක මුදලින් ජීවත් වීමට නොහැකි තත්ත්වයයි. තමා මෙන්ම මෙම ක්ෂේත්‍රයේ සේවය කරන අනිකුත් අයගේ කතාවද මෙවැනිම දුක්ඛිත බව පවසන අශෝක මහතා බේකරි කර්මාන්තය කඩා වැටීම නිසා ඒ ආශ්‍රිතව ජීවත්වන ලක්ෂ 15 ක පමණ පිරිසක් පත්ව ඇති තත්ත්වය සොයා බලා මේ පිළිබඳ අවධානය යොමු කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

රටේ මතුව ඇති තත්ත්වය මත බේකරි ෂෝ රූම් වල සහ චූන් පාන් රථවල වැඩ කරන සේවකයන්ද අසරණ වූ පිරිස අතර සිටින බව ඔහු පෙන්වා දුන්නේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment