බේකරි 90% ක් කඳුළු ගොඩේ!

91

ඉන්ධන සහ ගෑස් අර්බුදය නිසා බේකරි කෑම නිෂ්පාදකයන්ගෙන් සියයට 90 කට බලපෑම් එල්ල වී ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ඊයේ (07 දා) පැවසීය.

බේකරි කෑම නිෂ්පාදනය කිරීමේදී ඩීසල්, භූමිතෙල්, ගෑස් සියයට 90ක පමණ පිරිසක් භාවිතා කරන බවත් දර උපයෝගි කරගෙන බේකරි නිෂපාදන සිදුකරන්නේ සියයට 10කටත් අඩු පිරිසක් බවත් ඒ මහතා කීය.

රටේ බේකරි නිෂ්පාදන අත්‍යවශ්‍ය සේවාවක් වුවත් මේ සම්බන්ධයෙන් අගමැති, ඇමැති ඇතුළු බලධාරීන් සමග සාකච්ඡා කළ ද මෙතෙක් විසඳුමක් ලැබී නොමැති නිසා බේකරි කර්මාන්තය කරගෙන යෑම අපහසුතාවට පත්ව ඇතැයි ද ජයවර්ධන මහතා කීය.

දැනටමත් ආර්ථික ගැටලු හමුවේ බේකරි 7000කට පමණ ප්‍රමාණයකින් 2000ක් පමණ වැසී ගොස් ඇති බවත් මේ ආකාරයෙන් තවදුරටත් ගෑස්, ඩීසල්, භූමිතෙල් නොලැබී ගියහොත් ඉතිරි බේකරි ටික ද වැසී යෑමට හැකි බවත් ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment