බේරුවල පාසල් සිසුවකුට ඩෙල්ටා ප්‍රභේදය වැළඳේ

154


බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ දී පළමුවරට ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය වැළඳුන 11 හැවිරිදි පාසල් සිසුවෙකු හඳුනාගත් බව ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අාර්.ජේ සිංහබාහු මහතා පවසයි.

බේරුවල හිරිගල්ගොඩැල්ල ප්‍රදේශයේ පදිංචි මෙම පාසැල් සිසුවා මේ වන විට ගාල්ල ප්‍රදේශයේ රජයේ රෝහලකට ඇතුලත් කර වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර සිදුකරන බව බේරුවල ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක මුදිත අමරසිංහ මහතා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment