බේස්බෝල් මීළඟ තරඟ 20 වෙනිදා සිට

70

ශ්‍රී ලංකා බේස්බෝල් සංගමය විසින් සංවිධානය කරනු ලබන ජපාන – ශ්‍රී ලංකා මිත්‍රත්ව බේස්බෝල් තරඟාවලියේ මීළඟ තරග ලබන 20 දින සිට දියගම බේස්බෝල් ක්‍රීඩාංගණයේදී නැවත ආරම්භ වේ.

 අවසන් තරගය සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත බැවින් අගෝස්තු මාසය පුරාම මුල් අදියරේ තරග පැවැත්වේ. මේ වන විට යුද හමුදා බේස්බෝල් සමාජය අපරාජිතව පෙරමුණේ සිටින අතර ගුවන් හමුදාව සහ නාවික හමුදාව පිළිවෙලින් යුද හමුදාව සහ රණබිම බේස්බෝල් ක්‍රීඩා සමාජය හමුවේ එක් තරගය බැගින් පරාජයට පත්ව තරඟාවලියේ ප්‍රබල තත්ත්වයක පසුවේ.

advertistmentadvertistment
advertistmentadvertistment