‘බොක්සිං ඩේ’ ගැටුමට කණ්ඩායම් හතරක්

309

මෙවර ”බොක්සිං ඬේ” හෙවත් දෙසැම්බර් 26 වැනි දින සිහිකරමින් ටෙස්ට් ක‍්‍රිකට් තරග දෙකක් පැවැත්වීමට අන්තර් ජාතික ක‍්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත.

ලෝක ශුරතා ටෙස්ට් ක‍්‍රිකට් තරග මාලාව යටතේ පැවැත්වෙන එම තරග සඳහා තරග වදින කණ්ඩායම් වන්නේ ඔස්ටේ‍්‍රලියාව, එංගලන්තය, දකුණු අප‍්‍රිකාව සහ ඉන්දියාවයි.

ඔස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය අළු බඳුන ටෙස්ට් තරගාවලියේ තෙවැනි තරගයට හෙට (26 වැනිදා) මෙල්බර්න් ක‍්‍රිකට්

‘බොක්සිං ඩේ’ ගැටුමට කණ්ඩායම් හතරක්

ක‍්‍රීඩාංගණයේදී සහභාගි වන අතර දකුණු අප‍්‍රිකාව සහ ඉන්දියාව සෙන්චූරියන් හිදී හෙට තරග වැදීමට නියමිතය.

ඔස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය අළු බඳුන තරගාවලිය යටතේ මෙතෙක් තරග දෙකකට ක‍්‍රීඩා කර ඇති අතර එම තරග දෙකම ඔස්ටේ‍්‍රලියාව ජයග‍්‍රහණය කිරීමට සමත් වූයේය.

සංචාරක ඉන්දීය කණ්ඩායමේ දකුණු අප‍්‍රිකානු තරගාවලිය ටෙස්ට් තරග තුනකින් යුක්ත වන අතර ඔවුන් දකුණු අප‍්‍රිකාවේදී එක් දින තරග තුනකට ද සහභාගිවීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment