බොක්සිං තරුව ජනාධිපතිවරණයට

644

ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී තමන් අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන බව පිලිපීන බොක්සිං කී‍්‍රඩක මනි පැකියෝ කියා සිටී. එ් අනුව පී.ඞී.පී. පාලක පක්ෂයේ කණ්ඩායමක් විසින් ඔහු අපේක්ෂකයකු ලෙස නම් කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

පසුගියදා පැවැති කණ්ඩායම් රැස්වීමකදී තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පැකියෝ ප‍්‍රකාශ කර තිබේ. තමන් සටන්කරුවකු වන බවත් ඒ අනුව සෑම විටම වළල්ලේ අතුළත සහ පිටත තමන් සටන්කරුවකු ලෙස කටයුතු කරන බවත් රට ප‍්‍රතිසංස්කරණය කිරීමට එක්සත් වන බවත් ඔහු එහිදී මහජනතාවගෙන් ඉල්ලා තිබේ.

පිලිපීන ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය සඳහා එක් අයකුට දෙවරක් ඉදිරිපත්විය නොහැකි වේ. ඒ අනුව වත්මන් ජනාධිපති රොඞ්රිගෝ ඩුටර්ටේ විසින් සිය දියණිය වන සාරා ඩුටර්ටේවද මෙවර ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

42 වැනි වියේ පසුවන මනි පැකියෝ පිලිපීන පාර්ලිමේන්තුවේ සෙනෙට් සභිකයකු ලෙස කටයුතු කරනු ලබයි. බොක්සි කී‍්‍රඩකයකු ලෙස නමක් දිනා ඇති පැකියෝ බර කාණ්ඩ අටක් යටතේ බොක්සිං ලෝක ශුරතාව දිනා ඇති කී‍්‍රඩකයකු වේ. ජාත්‍යන්තර බොක්සිං තරග 62කට සහභාගි වී ඇති පැකියෝ ඉන් තරග 8ක් පමණක් පරාජයට පත් වී තරග 62ක් ජය ගැනීමට සමත්වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment