බොක්සින් ක්‍රීඩිකාවට ගම්වාසීන්ගෙන් උපහාර

302

ඉන්දියාවේදී පැවති මික්ස් බොක්සින් තරගාවලියෙන් ප්‍රථම ස්ථානය හිමි කරගෙන රන් පදක්කමක් ලබා ගෙන දස්කම් දැක්වූ මුලතිව් මාන්කුලම් ප්‍රදේශයේ පදිංචි ජෙගතීස්වරන් විජිතා නමැති ක්‍රීඩිකාවට ගම්වාසීන් උපහාර දක්වනු ලැබීය.

ජයග්‍රහණය ලබා ඉන්දියාවේ සිට මාන්කුලමට පැමිණි විජිතා ක්‍රීඩිකාව මාන්කුලම පිල්ලයොර් කෝවිල අසලින් පිළිගෙන පෙරහැරකින් ඇයව රැගෙන ගොස් උපහාර දක්වනු ලැබීය.

මුලතිව් දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය විසින් සංවිධානය කළ මෙම අවස්ථාවට ඇය ඉගෙනුම ලැබූ මාන්කුලම විද්‍යාලයේ සිසු සිසුවියන් හා දෙමව්පියන් විශල පිරිසක් සහභාගී වූහ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment