බොටම් ට්‍රෝලිං ධීවර කර්මාන්තය පිළිබඳව නව නීතිරීති සකස් කරමින් සිටිනවා

146

බොටම් ට්‍රෝලිං ධීවර කර්මාන්තය පිළිබඳව නව නීතිරීති සකස් කරමින් සිටින බවත් එතෙක් නාරා ආයතනය මගින් හඳුන්වා දී ඇති ප‍්‍රදේශවල පමණක් එම කර්මාන්තය කරගෙන යෑමට අවසර ලබාදී තිබෙන බව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා සඳහන් කළේය.

කල්පිටිය ඇතුළු ප‍්‍රදේශ කිහිපයක බොටම් ට්‍රෝලිං ධීවර කර්මාන්තය බිඳවැටීම හේතුවෙන් එම ප‍්‍රදේශවල ධීවරයන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවට රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා එම ධීවර ගැටලුව විසඳන ලෙස ධීවර ඇමැතිවරයා සමඟ පැවැති සාකච්ඡාවකදී කළ ඉල්ලීමකට පිළිතුරු දෙමින් ධීවර ඇමැතිවරයා ඒ බව සඳහන් කළේය.

නව නීති රෙගුලාසි නොමැතිව බොටම් ට්‍රෝලින් ක‍්‍රමයට ධීවර කටයුතු සිදු කළහොත් සාගරයේ මත්ස්‍ය සම්පත විනාශ වීමෙන් ධීවරයාගේ ආදායම් තත්ත්වයට ද එය බලපාන බවත් එම නිසා ධීවරයා දැනුවත් කර දැනට හඳුන්වා දී ඇති ප‍්‍රදේශවල පමණක් ධීවර කර්මාන්තයේ යෙදීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කර දෙන බවත් ඩග්ලස් දේවානන්දා මහතා රාජ්‍ය ඇමැතිවරයාව දැනුවත් කරන ලදී.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment