බොටම් ට්‍රෝලින් තහනම් කළත් නීතිය කි‍්‍රයාත්මක කර නැහැ

204

ඉන්දීය ධීවරයන් විසින් උතුරු මුහුදේ සිදුකරනු ලබන බොටම් ට්‍රෝලින් ක‍්‍රමය නතර කිරීමට නීති සකස් කළේ තමන් යනුවෙන් ප‍්‍රකාශ කරන අය එම නීතිය කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කළේ නැති බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.

පසුගිය රජය සමයේ උතුරු මුහුදේ සිදු කරන බොටම් ට්‍රෝලින් ක‍්‍රමය නතර කිරීමට දෙමළ සන්ධානයේ සහයෝගය ද ලබා ගනිමින් නීති සකස් කළ බව පවසන සුමන්තිරන් වැනි අය එම නීති කි‍්‍රයාත්මක කිරීමට කි‍්‍රයා නොකළේ මන්ද යැයි තමන් තුළ ප‍්‍රශ්නයක් පැනනගින බවද කිලිනොච්චියේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සුමන්තිරන් වැනි ද්‍රවිඩ සන්ධාන මන්තී‍්‍රවරුන්ගේ සහයෝගයෙන් 2017 අගෝස්තු මාසයේදී බොටම් ට්‍රෝලින් තහනම් නීතිය සම්මත කළ පසුව ද ඉන්දීය ධීවර යාත‍්‍රා මෙරට මුහුදු සීමාව තුළ ධීවර කටයුතු සිදුකළ යාත‍්‍රා 100 ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති අතර එම රජය සමයේ අත්අඩංගුවට පත් කිසිදු යාත‍්‍රාවක් සඳහා බොටම් ට්‍රෝලින් තහනම් නීතිය කි‍්‍රයාත්මක නොකිරීම මෙම ප‍්‍රකාශයන් සිදුකරන අයගේ දෙබඩි කි‍්‍රයාවක් බව ද පැවසීය. පසුගියදා ද්‍රවිඩ සන්ධාන මන්තී‍්‍රවරුන් පිරිසක් හා ආධාරකරුවන් යොදාගෙන මුලතිව් සිට පේදුරුතුඩුව දක්වා සංවිධානය කළ විරෝධතාවය වර්තමාන රජය අපහසුතාවට පත් කිරීමක් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment