බොනිකර තරු අපි කරපු වෙනස් වැඩක්

743

පෙට්‍රල් පෝලිම්වල ඉඳල ලොකු පිරිවැයක් දරල දැන් නාට්‍ය කරන්න වෙලා :
නිෂ්පාදක තරංග දිසානායක

බොනිකර තරු අපි කරපු වෙනස් වැඩක්

“බොනිකර තරු” තරංග දිසානායක සහ රවින්ද්‍ර විජේරත්න සුසංයෝගයෙන් බිහිවන 25 වැනි ටෙලි නාට්‍ය නිර්මාණයයි. ජීවිතය ලස්සනයි ටෙලි නිර්මාණය තුළින් විදේශීය මෙගා ටෙලි නාට්‍යයට නතුව පැවති ප්‍රේක්ෂකාගාරය දේශීය නිර්මාණ වෙත යළි නම්මවා ගත් හිමිකරුවන් වන ඔවුන් දෙපළ යළිත් බොනිකර තරු තුළින් පවුලේ ප්‍රේක්ෂක රසාස්වාදය තහවුරු කරමින් හිඳී. ස්වකීය නව නිර්මාණය ගැන බොනිකර තරු නිෂ්පාදක තරංග දිසානායක කියන්නෙ මෙවැනි කතාවක්.

“අපි හැම විටම විශ්වාස කරනවා ටෙලි නාට්‍ය කියන්නෙ පවුලක් එකට සිට නැරඹීමට හැකි කලා මාධ්‍යයක් කියල. බොනිකර තරු නිෂ්පාදනය කළෙත් එම සිද්ධාන්තයේ ඉඳල. අපේ නිෂ්පාදන ආයතනය වන දුරුතු ක්‍රියේෂන් එකෙන් පසුගිය වසර දෙකේ නාට්‍යයක් නිෂ්පාදනය කළේ නෑ. එහෙම ඉද්දි තමයි අපිට අරුණ ප්‍රේමරත්නගේ බොනිකර තරු පිටපත ලැබෙන්නෙ. මේ පිටපත වෙනස් හැඩයේ එකක්. හැබැයි පවුලේ නාට්‍යයක් කියන තැන ඒකෙ තියනවා.

බොනිකර තරු අපි කරපු වෙනස් වැඩක්

මොකක්ද මේ බොනිකර තරු කියන නම?

බොනිකර තරු කියන්නෙ තනිකර බොරු කියන එක. මේකෙ තියෙන්නෙ ෆේක් නැත්නම් බොරු පවුලක්. අනාථ නිවාසවල වැඩිහිටි නිවාසවලින් එහෙන් මෙහෙන් සෙට් වෙච්ච බොරු ෆැමිලි එකක්. හොර සීයා කෙනෙකුයි බොරු තාත්තෙකුයි බොරු දුවෙකුයි පුතෙකුයි. මේ අය යාබද ගෙයකට කුලියට එනවා. ඒ ආවට පස්සෙ එතන ඉඳගෙන මේ ෆැමිලි එක දෙන ගේම් ටික තමා මේ නාට්‍යයේ දිග හැරෙන්නෙ.

බොනිකර තරු අපි කරපු වෙනස් වැඩක්

විනෝදාස්වාදය විතරද නිර්මාණයේ ඇතුළත් වෙන්නෙ?

අපි නාට්‍යයක් කරද්දි හැම වෙලේම ආනන්දයෙන් ඔබ්බට ප්‍රඥාව කියන තැන ඉන්නවා. හැම සීන් එකක් ඇතුලෙම අන්තිමට මොකක් හරි වැදගත් යමක් ප්‍රේක්ෂකයට දෙන්න ඕන කියල මම කියන්නෙ. හැබැයි ටෙලි නාට්‍ය කියන්නෙ දැන් කර්මාන්තයක්. හැබැයි කර්මාන්තයක් වගේම මේක කලාවක් කියන තැන මම ඉන්නවා. ඒත් එක්කම විශේෂයෙන් මේ කාලේ අපි අමාරුවෙන් මේක කරගෙන එන්නෙ. පෙට්‍රල් පෝලිම්වල පැය ගණන් ඉඳල විශාල පිරිවැයක් දරල අපි දැන් නාට්‍ය කරන්නෙ. ඒකෙනුත් අපි යටතේ කී දෙනෙක් යැපෙන්න ඉන්නවද. ඉතින් රවී සහ මම හැම වෙලේම බලන්නෙ කොහොම හරි නාට්‍යයක් කරන්න. එතනදි මේ නාට්‍ය බලන්නෙ පවුලේ අය එකට කියන එක අවබෝධ කරන් තමා ටෙලි නිර්මාණ කරන්නෙ.

හේමසිරි ලියනගේ, රම්‍යා වනිගසේකර, දමිතා අබේරත්න, ගිහාන් ප්‍රනාන්දු, නිරෝෂන් විජේසිංහ, නිරෝෂා තලගල, ගේෂානි නෙහාර, ධනුක ඩිල්ෂාන් සහ සංජය මුරමුදලි ඇතුළු තවත් ශිල්පීන් රංගනයේ නියැලෙන බොනිකර තරු සතියේ සෑම දිනකම රාත්‍රී 7.00 ට ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වීම ආරම්භ කර තිබේ.

  • තිස්ස
advertistmentadvertistment
advertistmentadvertistment