බොයිලේරුවල ටියුබ් පුපුරලා – සපුගස්කන්ද පිරිපහදුව යළි සක්‍රීය කිරීමට  තව දින දෙක තුනක් යයි

216

දින හැත්තෑවකට පමණ පසු සපුගස්කන්ද පිරිපහදුව යළි ආරම්භ කිරීමට ඊයේ (30 දා) උත්සාහ ගත්තත් එම පිරිපහදුවේ බොයිලේරුවල ටර්බෝ ෆෑන්වල ටියුබ් පුපුරා යාම නිසා පිරිපහදුව යළි සක්‍රීය කිරීමට දින දෙක තුනක් ගතවනු ඇතැයි එහි උසස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවැසීය.

ඉකුත් මාර්තු 20 වැනිදා පිරිපහදුව නවතා දැමුවේ බොරතෙල් නොමැතිවීම නිසාය. බොරතෙල් ලැබුණු පසු පිරිපහදුව යළි සක්‍රීය කිරීමේදී පමණක් රුපියල් කෝටි 10 ක පමණ මුදලක් වැයවන බවද ඒ නිලධාරියා සඳහන් කළේය.

මෙතෙක් කලක් සපුගස්කන්ද පිරිපහදුවට යොදාගත් ඉරානියන් ලයිට් හා මර්බන් බොරතෙල් වෙනුවට රුසියාවෙන් ආනයනය කර තිබෙන බොරතෙල්වලින් පෙට්‍රල් හා ඩීසල් ලැබෙන්නේ ඉතා සුළු වශයෙන් යැයිද හෙතෙම කියා සිටියේය.

පිරිපහදුවේ කටයුතු භාර ඇතැම් නිලධාරීන්ගේ නොදැනුවත්කම නිසා ඊයේ බොයිලේරු දෙක ක්‍රියාත්මක කළත් එහි කටයුතු ආරම්භ කළ නොහැකි වූ බවද එම නිලධාරියා පැවසීය.

මෙරටට ගෙන්වා තිබෙන බොරතෙල් මෙටි්‍රක් ටොන් 90,000 ක් පිරිපහදු කළත් ඉන් සියයට 51 ක් ලැබෙන්නේ දැවි තෙල් යැයිද ඊට අමතරව නැප්තා තාර ආදී බර නිෂ්පාදන ලැබෙන බවද හෙතෙම කීය. මෙමගින් ඩීසල් හා පෙට්‍රල් ලබාගත හැක්කේ සියයට 17 ක් වැනි ප්‍රමාණයකි. ඊළඟ එන බොරතෙල් නැවක් සඳහා තාම ඇණවුම් කර නැත.

ශිරාන් රණසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment