බොරතෙල් මිල ඉහළ යෑමට පෙර ඇණවුම් කළ තෙල් නැව් 3 ගන්න – රනිල් වික‍්‍රමසිංහ

175

රුසියානු යුක්රේන් අර්බුදය හේතුවෙන් බොර තෙල් මිල මෙන්ම ස්වාභාවික ද්‍රව වායු (එල්එන්ජි) මිලද ඉහළ යනු ඇති බවත් එබැවින් දැනට මෙරටට ඇණවුම් කර ඇති ඉන්ධන නැව් තුන වහාම මුදල් ගෙවා ලබා ගැනීම සදුසු බවත් එක්සත් ජාතික පක්‍ෂ මන්තී‍්‍ර රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22 දා) පැවසීය. රනිල් වික‍්‍රමසිංහ මහතා එහිදී මෙසේද කියා සිටියේය.

රුසියාව ඊයේ රාති‍්‍රයේ යුක්රේනයට ඇතුළු වීමෙන් පසුව ලෝක තෙල් මිල බැරලයක් ඩොලර් 115 ක් වත් වේවි. අපට දැන් ඉන්ධනවලට ගෙවන්න බැරිවෙලා. පළමුවෙන්ම අපට ඇවිත් තිබෙන ඉන්ධන නැව් දෙකට ගෙවීම් කළ යුතුයි. රූබලය දැන් ඩොලර් එකයි. බි‍්‍රතාන්‍ය පවුමයි, යූරෝ එකයි

පිළිගන්නේ නැත්නම් සම්පූර්ණයෙන්ම මේ මුදල් අතර තිබෙන සමබරතාවය නැති වෙනවා.

දැන් රුසියාවෙන් එල්එන්ජී අරගත්තේ නැත්නම් කටාර්වල එල්එන්ජී යුරෝපයට යවයි. මෙහෙම එල්එන්ජී අඩුවෙනවා. ඒ නිසා එල්එන්ජී මිලත් වැඩි වෙනවා. ඒක අපේ ආර්ථිකයට විශාල ප‍්‍රශ්නයක් වේවි. මුදල් ඇමැතිතුමාට හෙට මේ විපක්‍ෂයේ විවාදයට පෙර ප‍්‍රකාශයක් කරන්න පුළුවන්නම් හොඳයි. අපට විශාල ආර්ථික ප‍්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. මේ ගැන අපි අවධානය යොමු කළ යුතුයි. හෙට උදේ මුදල් ඇමැතිතුමා කරුණු කියනවානම් හෙට අපට වඩා හොඳට ඒ විවාදය ගෙනියන්න හැකියි.

අර නැව් තුනක් තිබෙනවා. අපි ඒවාට ගෙව්වේ පරණ මිල. කොහොම හරි ඒවාට ගෙවන්න. අලූත් මිලකට තමයි අලූත් ඒවා එන්නේ. පරණ මිලට එන නැව් තුනම කොහෙන් හරි හොයලා ගෙවමු. ඒ වගේම අපි පරණ මිලට තවත් අරගෙන තිබෙනවා. ඒවත් ගෙවලා දාමු.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment