බොරැල්ලේ ළමා රෝහලේ කොරෝනා ආසාදිත දරුවන් 150ක්… දිනකට දරුවන් 10-12 ක් රෝහල්ගත වෙනවා

289

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොවිඞ් ආසාදිත දරුවන් 150 දෙනකු ඊයේ (05 වැනිදා* දිනය වනවිට ප‍්‍රතිකාර ලබමින් සිටින බව එම රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ‘දිවයින’ට පැවැසීය.

 එම කොරෝනා ආසාදිත දරුවන් අතර අවුරුදු 2කට වඩා අඩු දරුවන්ද ප‍්‍රතිකාර ලබමින් සිටින බවද හෙතෙම කියා සිටියේය. මෙම කොවිඞ් ආසාදිත දරුවන් ළමා රෝහලේ වාට්ටු හතරක ප‍්‍රතිකාර ලබමින් සිටින බවද හේ සඳහන් කළේය.

 මෙහිදී තවදුරටත් කතාකළ ඒ මහතා මෙසේද කියා සිටියේය. මේ දිනවල පවතින තත්ත්වයත් එක්ක දවසකට කොවිඞ් ආසාදිත දරුවන් 10 ක් 12 ක් රෝහලට එනවා. දැන් 150 ක් කොවිඞ් ආසාදිත දරුවන් මෙහි ප‍්‍රතිකාර ගන්නවා. මෙහි පැමිණෙන කොරෝනා හැදුනු දරුවන් තියාගන්න ඉඩකඩ නැතිකම නිසා ළමා රෝහලට අනුබද්ධ රාජගිරියේ ළමා රෝගී මධ්‍යස්ථානය වෙත යොමු කරනවා.

 මේ දවස්වල ගෙදර ඉන්න දරුවන්ව ආරක්ෂා කරගන්න. කිසිම අයුරකින් දරුවන්ව නිවසින් පිටතට, ගමන් බිමන් සඳහා රැුගෙන යන්න එපා. ඒ වගේම පුළුවන් තරම් වැඩිහිටි අය ගමන් බිමන් ගියාම ගෙදරට කොරෝනා නම් ගේන්න එපා. වැඩිහිටියන් තමයි ගෙවල්වලට කොරෝනා ගේන්නෙ. මොකද දරුවන්ට කොරෝනා වැළඳුනොත් අමාරුයි. දැන් ළමයි ළමයි අතරේ කොරෝනා වේගයෙන් පැතිරෙමින් තිබෙනවා. කොරෝනා මාත‍්‍රාවත් දෙකම අරගත්තත් වැඩිහිටි ඔබ ගෙදරට කොරෝනා අරන් එන්න පුළුවන්. ඒ නිසා මේ දවස්වල ඔබේ දරුවන් ආරක්ෂා කරගන්න වැඩිහිටි ඔබ පියවර ගත යුතුයි.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment