බොරැල්ල කනත්තේ සීසීටීවී සවිකරනවා – නගරාධිපතිනි රෝසි කියයි

233

බොරැල්ල කනත්ත හා ඒ අවට ප්‍රදේශවල සීසීටීවී කැමරා පද්ධතියක් වහාම ස්ථාපිත කිරීමට කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය විසින් අදාළ අංශ වෙත ඊයේ (18 දා) නියෝග කර ඇත.

බොරැල්ල කනත්ත පරිශ්‍රයේ කෝටිපති ව්‍යාපාරිකයකු අභිරහස් ලෙස ඝාතනය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු සීසීටීවී දර්ශනයක් නොමැති බවට වාර්තාවීමෙන් පසු නගරාධිපතිනිය මෙම නියෝගය කර තිබේ.

කනත්ත පරිශ්‍රයේ කලක පටන් විවිධ අක්‍රමිකතා සහ දූෂණ ඇතුළු විෂම ක්‍රියා සිදුවන බවට මාධ්‍ය වාර්තා පළ කළත් මේ දක්වා එහි ආරක්‍ෂිත කැමරා පද්ධතියක් සවිකර තිබුණේ නැත.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment