බොරැල්ල දේවස්ථානයේ බෝම්බ සිද්ධිය: සැකකරුගෙන් මහෙස්ත‍්‍රාත්ට පැය 1 1/2ක රහස් ප‍්‍රකාශයක්

223

පසුගිය 11 වැනිදා බොරැල්ල සියලූ සාන්තුවරයන්ගේ දේවස්ථාන පරිශ‍්‍රය තුළට ජීව අත්බෝම්බයක් ගෙනැවිත් තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ ලියනගේ දයාසේන නැමති සැකකරු ඊයේ (21 දා) මහෙස්ත‍්‍රාත් නිල මැදිරිය තුළදී කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මියට පැය 1 1/2ක කාලයක් රහස් ප‍්‍රකාශයක් ලබාදුන්නේය.

එම සැකකරු එම සිද්ධිය සම්බන්ධයෙන් දන්නා තොරතුරු පිළිබඳව රහස් ප‍්‍රකාශයක් ලබාදීමට අපේක්ෂා කරන බවට ඔහු කළ ඉල්ලීම අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ඊයේ (21දා) දහවල් ඔහු අධිකරණයට ඉදිරිපත් කළහ. එකී ප‍්‍රකාශය සිදුකරනුයේ යම් අයකුගේ හෝ යම්කිසි පිරිසකගේ බලකිරීම හෝ තර්ජනයක් නිසා දැයි විවෘත අධිකරණය හමුවේදී සැකකරුගෙන් විමසූ අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එකී ප‍්‍රකාශය සැකකරුට එරෙහිව සාක්ෂියක් ලෙස භාවිත කිරීමේ හැකියාව ඇති බැවින් නැවත වරක් ඒ සම්බන්ධයෙන් සිතා බලන ලෙසට සැකකරුට දැනුම් දුන්නේය. තමා එම ප‍්‍රකාශය ලබාදෙනුයේ ස්වේච්ඡුාවෙන් බවත් ඒ සඳහා අවසර ලබාදෙන ලෙසත් සැකකරු අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඒ අනුව ඔහුගේ ප‍්‍රකාශය සටහන් කර ගැනීම කෙරිණි.

අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ලබාගත් දින 90ක රැුඳවුම් නියෝග අනුව එම සැකකරුව රඳවා තබා ගනිමින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කරන බවත් ප‍්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව සැකකරුව යළි තමන් භාරයට පත් කරන ලෙසත් විමර්ශන නිලධාරීහු එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියහ. එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන අනුව සැකකරුවන් 7 දෙනකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි ද විමර්ශන නිලධාරීහු එහිදී අධිකරණයට වැඩිදුරටත් පැවසූහ. කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා පොලිස් පරීක්ෂක කුමාරසිරි, පොලිස් පරීක්ෂක එස්. පී. නිශාන්ත ඇතුළු නිලධාරීහු පිරිසක් සැකකරු අධිකරණයට ඉදිරිපත් කළහ.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment