බොරැල්ල පල්ලියේ බෝම්බය ගැන විමර්ශන අවසන් කර ප‍්‍රගතිය වාර්තා කරන්න – උසාවිය සීසීඩියට නියෝග කරයි

159

බොරැල්ල සියලූ ශාන්තුවරයන්ගේ දේවස්ථානයට ජීව අත්බෝම්බයක් රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කඩිනමින් අවසන් කර විමර්ශන ප‍්‍රගතිය වහාම අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (25 දා) කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළාය.

එම දේවස්ථාන භූමියට ජීව අත්බෝම්බයක් රැුගෙන පැමිණියේ යැයි කියන සැකකරු කවුරුන් දැයි නිශ්චිතව හඳුනා ගැනීම සඳහා කුසපත් ඇදීමට සිදුවී ඇති බව එම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින ෂර්ලි හේරත් නමැති 75 හැවිරිදි විශ‍්‍රාමික වෛiවරයා වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල මහතා ඇතුළු නීතිඥවරුන් විසින් කළ කරුණු දැක්වීම සලකා බැලූ අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එම නියෝගය කළාය.

පොලිසිය භාර අමාත්‍යවරයා හා විමර්ශන නිලධාරීන් කළේ යැයි කියන ප‍්‍රකාශ උපුටා දක්වමින් ජනමාධ්‍ය මගින් පළකර ඇති ප‍්‍රවෘත්ති අනුව තමන් ඇතුළු රටේ ජනතාවට එවන් හැඟීමක් ඇතිවන්නේ යැයි ද පැවසූ නීතිඥවරයා සිය සේවාදායකයා සම්බන්ධයෙන් අනාවරණය කර ඇත්තේ සැබෑ තත්ත්වය නොවන බවද අධිකරණයට පෙන්වා දුන්නේය.

විමර්ශන සම්බන්ධයෙන් විවිධ තොරතුරු ජනමාධ්‍යවල පළකර තිබෙනවා. ඒවා අධිකරණයට වාර්තා කර නැහැ. විමර්ශනවලදී අනාවරණය වන සමහර රහස්‍ය තොරතුරු ද අධිකරණයටත් වාර්තා නොකර තිබියදී ජනමාධ්‍යවල පළවීම බරපතළ ප‍්‍රශ්නයක්. ඔහු රඳවා සිටින්නේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නම් ඔහුගේ වර්තමාන තත්ත්වය නිරීක්‍ෂණය කිරීමට අධිකරණයට බලයක් තිබෙනවා. එම නිසා ඔහුව වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට හා විමර්ශන අපක්‍ෂපාතිව සිදුකරන ලෙසට නියෝගයක් කරන ලෙසට ඉල්ලා සිටිනවා යැයි නීතිඥ චමින්ද අතුකෝරල මහතා අධිකරණය හමුවේ ප‍්‍රකාශ කළේය.

විමර්ශනවලට අදාළ රහස්‍ය තොරතුරු ජනමාධ්‍යවල පළවීම සම්බන්ධයෙන් තම අධිකරණයට ද ගැටලූවක් පවතින බව අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය විවෘත අධිකරණයේදී කීවාය.

එම විමර්ශන අපක්‍ෂපාතීව, විනිවිදභාවයකින් යුතුව සිදුවන්නේ දැයි තමන්ට ද බලවත් සැකයක් පවතින බැවින් එම විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසයෙන් ඉවත් කර වෙනත් අංශයක් වෙත පැවරීමට නියෝගයක් කරන ලෙස බොරැුල්ල සියලූ ශාන්තුවරයන්ගේ දේවස්ථානය භාර පියතුමන් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න මහතා සහ සෙසු සැකකරුවන් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා ඇතුළු නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

එහිදී කොළඹ අපරාධ කොට්ඨාසය වෙනුවෙන් පෙනීසිටි සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා මහතා කරුණු දක්වමින් සමහර ජනමාධ්‍යවල පළවනුයේ සැබෑ විමර්ශන සම්බන්ධ තොරතුරු නොව යම් යම් තැන්වලින් අහුලාගත් කෑලි පමණක් බවත් විමර්ශන අවසන් වූ වහාම සියලූ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත් අධිකරණයට දැනුම් දුන්නේය.

සියලූ විමර්ශන සිදුකරනුයේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වන නිසා ජාතික ආරක්‍ෂාව මෙන්ම පුද්ගල නිදහස ආරක්‍ෂා කිරීම ඉතා වැදගත් බව විවෘත අධිකරණය හමුවේ පෙන්වාදුන් අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එම සිද්ධියේ සැකකරුවකු ලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබුණු ඉන්දික පෙරේරා නමැත්තා ලබන 02 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර එදිනට විමර්ශනවල ප‍්‍රගතිය වාර්තා කරන ලෙසට විමර්ශන නිලධාරීන්ට නියෝග කළාය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment