බොරැල්ල ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයට ඬේවිඞ් පීරිස් මෝටර් කම්පැනි අතහිත දෙයි

112

ඬේවිඞ් පීරිස් මෝටර් කම්පැනි (ප‍්‍රයිවට්) ලිමිටඞ් අධ්‍යක්ෂ (අමතර කොටස් හා උපාංග) ජයන්ත රත්නායක මහතා සාම්ප‍්‍රදානුකූල පොල් තෙල් පහන දල්වන අයුරු. ප‍්‍රධාන අලෙවි නිළධාරී සමන්ත සිල්වා ඇතුළු අනෙකු නිළධාරීන්ද ඡායාරූපයේ වෙති.

ඬේවිඞ් පීරිස් මෝටර් කම්පැනි (ප‍්‍රයිවට්) ලිමිටඞ් අනුග‍්‍රහයෙන්, ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ බොරැල්ල කලාපීය මධ්‍යස්ථානයේ පුහුණුව ලත් පළමු කණ්ඩායම පසුගියදා විසිර ගිය අතර දෙවන කණ්ඩායම බදවා ගැනීමද ඒ සමගම සිදු විය. කලක් අක‍්‍රීයව පැවැති මෙම මධ්‍යස්ථානය ඬේවිඞ් පීරිස් මෝටර් කම්පැනි (ප‍්‍රයිවට්) ලිමිඩට් පිළිසකර කර 2019 වසරේදී යළි මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය. පුහුණු කටයුතු සදහා බජාජ් ත‍්‍රිරෝද රථයක්, මෝටර් සයිකල් 02ක්, බජාජ් ජෙනුයින් ස්පෙයාර් පාර්ට්ස්, විශේෂිත උපකරණ කට්ටල සහ ත‍්‍රිරෝද රථ සහ මෝටර් සයිකල් එන්ජින් කොටස්වල රූප සහ අමතර කොටස් සහිතව පැහැදිළි කිරීම් ඇතුළත් පුවරුද ඬේවිඞ් පීරිස් මෝටර් කම්පැනි (ප‍්‍රයිවට්) ලිමිටඞ් වෙතින් පරිත්‍යාග කෙරුණි.

මෙහි තවත් සුවිශේෂී කරුණක් වූයේ වසරක් පුරා පැවැත්වෙන මෙම පාඨමාලාවේ මාස 06ක කාලයක් න්‍යායාත්මක පුහුණුව ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ බොරැල්ල කලාපීය මධ්‍යස්ථානයේද තවත් මාස 06ක කාලයක් DPMC Workshop සමග වැටුප් සහිත පුහුණුවක් ලබා දීමයි. මෙය ජාතික වෘත්තීය සුදුසුකම 04 (NVQ 04) මට්ටමේ පාඨමාලාවක් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment