බොරැල්ල වෙස්ටර්න් රෝහලේ අවයව සැත්කම් අත්හිටුවන්න නිර්දේශ – නීතිපති අභියාචනාධිකරණයට දන්වයි

92

වකුගඩු ජාවාරම් කළ බවට ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන අවසන් වනතුරු බොරැල්ල වෙස්ටර්න් රෝහලේදී අවයව බද්ධ කිරීම් සඳහා ලබාදී ඇති අනුමැතිය අත්හිටුවන ලෙසට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් පත්කළ නම දෙනකුගෙන් සමන්විත විශේෂඥ පරීක්‍ෂණ කමිටුව නිර්දේශ කර ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විකුම් ද ආබෲ මහතා ඊයේ (04දා) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් තම රෝහල තුළ අවයව බද්ධ කිරීම් අත්හිටුවන ලෙස දන්වමින් නිකුත් කර ඇති ලිපිය බල රහිත කරන ලෙස ඉල්ලා බොරැල්ල වෙස්ටන් රෝහල විසින් ගොනුකර තිබූ රීට් ආඥා පෙත්සම කැඳවූ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල් ඒ බව දැනුම් දුන්නේය. එම පෙත්සම සම්බන්ධයෙන් විභාගය ලබන 11 වැනිදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment