බොරුව, මුසාව, රැවටීම සිදු කළ රනිල් අයවැය ලේඛනය තුළත් ඉදිරිපත් කර ඇත්තේ ඒවාමයි

172
  • මන්ත්‍රී චමින්ද විජේසිරි

සෑමදා බොරුව, මුසාව, රැවටීම සිදු කළ රනිල් වික්‍රමසිංහ මහතා මෙම අයවැය ලේඛනය තුළත් ඉදිරිපත් කර ඇත්තේ ඒවාම පමණක් යැයි සමගි ජන බලවේගය බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (30) දා පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඔහු අගමැති ධුරය ලබා ගනිමින් ගෘෂාගේ චරිතය හුවා දක්වා පාලමෙන් එගොඩ වීම සඳහා දරන්නා වූ වෑයම සහ උත්සාහය පිළිබඳව කතා කළා. එදා ඔහු කිව්වා යන පාලම අබලන්. එම පාලම කැඩීම තුළ තිබෙන

ගැඹුරේ භයානකත්වය පිළිබඳව. හැබැයි දැන් රනිල් වික්‍රමසිංහ මහතා පාලමෙන් එගොඩ වෙලා පුරවැසියන් තවම පාලම මැද අතරමං වෙලා දැවැන්ත අගාදයට ඇදෙමින් පවතින බව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට කියන්න වෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අපිට කියන්න ඔබ අගමැති වුණු සැණින් රටට දීපු පොරොන්දු ඉටු කළාද? මොකද අපි දන්න විදියට වෙරිටේ රිසච් ආයතනය කියනවා පහුගිය අයවැය ලේඛනය පිළිබඳව සොයා බැලීමේදී 6%ක් ප්‍රතිශතයක් විතරයි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ කියලා. ජනතාවට ඉටු නොවිච්ච යොජනා 46%ක් තිබෙන බව එම ආයතනය සොයා බලා තිබෙනවා. එසේනම් බොරු යෝජනා තුළින් රටේ ජනතාව අයවැය කොල කෑල්ලකින් සැනසීමේ උත්සාහයක ද නැවතත් වර්තමාන ජනාධිපතිවරයා ගේ උත්සාහය.

මොකද රනිල් වික්‍රමසිංහ මහතාට අතින් ගෙනත් දෙන්න විදියක් නැහැ. මොකද තිබුණ ගෙදරත් පිච්චිලා. එහෙනම් මේ පරිපූරකය තුළ අපි දකිනවා වක්‍ර බදු වැඩි කර ජනතාව පීඩනයට පත් කරමින් තව තවත් ජනතාව මහා දැවැන්ත ආර්ථික, සමාජයීය අර්බුදයක් නිර්මාණය කිරීමේ අයවැය ලේඛනයක් විදියට අපි දකින්නේ විපක්ෂයක් විදියට ඒ සඳහා වූ දායකත්වය අපි පාර්ලිමේන්තුව තුළ අයවැය ලේඛනයට අපේ සහයෝගය ලබාදෙන්න කටයුතු කරනවා හැබැයි බොරුව මුසාව ඒ සියල්ල බොරු කියන කාරණය එළිදැක්වීමේ කාරණය ඉදිරි දින තුළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා හැමදාම රටේ ජනතාව රවට්ටන්න බෑ. දැන් රැවටිලා තියෙන්නේ. එම රැවටීම තුළ බරපතළ තැනකට රට ඇද වැටිලා එම නිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ආපු සැණින් විශාල බලාපොරොත්තු රටේ ජනතාවට ඉටු වේවි කියන විශ්වාසය සමහර දේශපාලන විද්වතුන් ලබාදෙන්න කටයුතු කළා. විද්වතුන් කියන්නේ රාජපක්ෂ නඩයේ උදවිය සහ රනිල් වික්‍රමසිංහ හිතවාදී දේශපාලන කණ්ඩායම. අපිට මතකයි පැය 24න් මේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්නය විසඳන්න පුළුවන් තැනකට අවශ්‍ය සාධාරණ වැඩපිළිවෙළ යොදවනවා කියලා කිව්වා.

නමුත් දැන් අපට පේනවා අයිඑම්එෆ් එක පවා ණය ලබා දෙනවද නැද්ද කියලා කාරණය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. සර්ව ආර්ථික ණය කළමනාකරණ වැඩපිළිවෙළවත් මේ වෙනකොට ආණ්ඩුව යෝජනා කරල නැහැ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට. එසේ තිබිය දී ආණ්ඩුවේ එකම බලාපොරොත්තුව හීනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ හැර වෙන කිසිම විදේශ රටක සහයෝගය ආධාරය උපකාරය ණය මේ වෙනකොට රනිල් වික්‍රමසිංහ රාජ්‍යයට ඩොලර් ලැබිලා නැහැ. එහෙමනං අපි අහනව රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් ජනාධිපතිතුමාගෙන් මේ රට මුදා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ගන්නාවූ සහයෝගය සඳහා ඔබ ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ යුතු සර්වාර්ථ ණය කළමනාකරණ වැඩපිළිවෙළ කෝ. ඇයි ප්‍රමාද. මේ සඳහා ප්‍රමාදයට හේතුව වගකීම රටේ ජනතාව තව තවත් පීඩනයට පත් කිරීමේ වගකීම ඔබ විසින් භාර ගන්නවද කියන කාරණය අපි අහනවා. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය දෙයි අපිව බලාගනිය.ි එහිදී හරි යයි කියන කාරණය ආණ්ඩුව විසින් කොතෙක් කතා කරත් ඒ ණය සහන ලබාගැනීම සඳහා අවශ්‍ය මූලික වැඩපිළිවෙළ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව මේ වෙනවිට කරල නැති බව තමයි ඒ අදාළ නිලධාරීන් අපි හමුවේ ප්‍රකාශයට පත් කරන්නේ.

ජනාධිපතිවරයා ගේන මෙම අයවැයේදී සිදුවෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තිබෙන යෝජනාවලට අනුකූලව මූලික කටයුතු සිදු කරන්න. එහෙනම් බදු වැඩිවීම සහ වියදම් කප්පාදු කිරීම කියන කාරණය තමයි සිදු වෙන්නේ. වියදම් කප්පාදු කිරීම අපට ගැටලුවක් නැහැ. නමුත් බදු වැඩි වෙන්නේ කොතැන ද අපි අහන්නේ වැඩි වෙනවා ද වක්‍ර බදු වැඩි වෙනවා ද එහිදී වක්‍ර බදු වැඩි ප්‍රමාණයෙන් වැඩි වෙනවා. ඒ කියන්නේ පුංචි මිනිහගෙන් බදු ගන්නේ මේ දුක් විඳින එදා වේල හොයාගන්න බැරි අසරණ මිනිහගෙන් බදු ගහලා ඒ බදු ටික එකතු කරලා නැවත වතාවක් රටේ සංවර්ධනයට යොදවනවා කියන කාරණය. කියන්න පුළුවන් බොරුව තමයි අද රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුව ඇතුළට ගේන්නේ පහුගිය අගමැති වුණ ගමන් ඔහු කිව්වා කොළඹ ප්‍රදේශය හැමෝටම තට්ටු නිවාස දෙනවා දැන් තට්ටු නිවාස ද හැමෝටම ඕන වෙලා තියෙන්නේ භූමිතෙල් ටිකක් ඕන වෙලා තියෙනවා. කෑමට එක උයාගෙන කන්න පෙට්‍රල් ඩීසල් ටිකක් ඕන වෙලා තියෙනවා. අත්‍යවශ්‍ය සේවාවට වලට යන්න හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයා එදා කාර් බස් දුන්න වගේ මේ අයවැය ලේඛනවලට පොරොන්දු බලාපොරොත්තු ගොන්නක් නිර්මාණය කරල දාලා තියෙනවා. ඒකෙන් රටේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්න විසදේවිද කියන කාරණය අපිට අහන්න තියෙනවා. හැමදාම බොරුව මුසාව රැවටීම මේ අයවැය ලේඛනය තුළත් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉදිරිපත් කරන බව තමයි අපිට ආරංචි. ඒ බොරු සියල්ල අපි හෙළි කරනවා.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment