බොරු නොකියූ සීසීටිවියෙන් කොස්තාපල් කූඩු

655

එකට රාජකාරි කරන ලද මිතුරාගේ බැංකු ගිණුමෙන් රුපියල් අසූ දහසක් වංචනික ලෙස ලබාගත් මූල්‍ය අපරාධ කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් කොස්තාපල්වරයකු යක්කලමුල්ල පොලිස් ස්ථානාධිපතිවරයා විසින් 12 වැනිදා සවස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙයට පෙර යක්කලමුල්ල පොලිස් ස්ථානයේ රාජකාරි කොට දැනට මූල්‍ය අපරාධ කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කරනු ලබන කොස්තාපල්වරයෙකි.

යක්කලමුල්ල පොලිසියේ රාජකාරි කරනු ලබන කොස්තාපල්වරයකු තමාගේ ගිණුමෙන් 2021 04.21 වන දින රුපියල් අසූ දහසක් සොරකම් කර ඇති බවට කරන ලද පැමිණිල්ලක් අනුව සිදු කරන ලද පරීක්ෂණයේදී ලබාගත් ආරක්ෂිත කැමරා පද්ධතියේ දර්ශන අනුව සැකකාර කොස්තාපල්වරයා ඒ. ටී. එම්. යන්ත‍්‍රයෙන් අවස්ථා දෙකකදී එම මුදල් ලබා ගන්නා ආකාරය සටහන්වී තිබීම නිසා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. මෙම සොරකම සිදු කරන ලද කාලයේ ඔවුන් දෙදෙනාම යක්කලමුල්ල පොලිසියේ සේවයකර ඇත.

යක්කලමුල්ල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සී. අයි. හේවගේ මහතා විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

අහංගම – සුගතපාල දීයගහගේ

advertistmentadvertistment
advertistmentadvertistment