බොරු සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කර ජනතාව බය කරන දොස්තරලාට දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි

246

විශේෂඥ වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන

දේශපාලන උවමනාව මත බොරු සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් ජනතාව තුළ අනවශ්‍ය බියක් නිර්මාණය කිරීමට කිසිදු වෘත්තිකයකුට අයිතියක් නොමැති බවත් විශේෂයෙන්ම වෛද්‍ය වෘත්තිකයන් ජනතාව නොමඟ යවන පුවත් නිර්මාණය කිරීම බරපතළ වරදක් බැවින් එසේ කරන අයට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති විශේෂඥ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා කීවේය.

පසුගිය දිනවල ඖෂධ හිඟය හා ළමා මන්දපෝෂණය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මකව මාධ්‍යයට කරුණු ප්‍රකාශ කළ දකුණු පළාතේ සේවය කළ වෛද්‍යවරයකුගේ වැඩ තහනම් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් විශේෂඥ වෛද්‍ය බෙල්ලන මහතා මෙසේ ද කීවේය.

භාෂණයේ නිදහසට හෝ වෘත්තීය සමිති ආඥා පනතට මුවා වී ජනතාවට බොරු කීමට කිසිම වෛද්‍යවරයකුට අයිතියක් නැහැ. සෑම වෛද්‍යවරයකුම ආයතන සංග්‍රහයට යටත් විය යුතුවා සේම දේශපාලන උවමනාව මත එවැනි ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරන වෛද්‍යවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම අප සංගමය අනුමත කරනවා.

කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment