බොලිවුඞ් – දිල්ලි දේශපාලන ගැටුමේ ආර්යන් ඛාන් ගොදුර වීම

691

පසුගිය වසරේදී තරුණ නළු කුෂාන්ත් සින් රාජ්පුට් සිය දිවි නසා ගැනීමෙන් පසු භාරතීය ජනතා පක්‍ෂ හිතවාදී මාධ්‍ය නාලිකා සියල්ල බොලිවුඞ් කර්මාන්තයේ ප‍්‍රබලයන්ට දැඩි ලෙස ප‍්‍රහාර එල්ල කරන්නට විය. එසේම බොලිවුඩයේ කි‍්‍රයාත්මක වන මත්ද්‍රව්‍ය ජාලයක් ගැනද හෙළි කෙරිණි. එම නිසාම රාජ්පුට්ගේ පෙම්වතියවූ රියා චක‍්‍රබොර්තිට මාසයක අධික කාලයක් බන්ධනාගාර ගතවන්නට ද සිදුවිය. ඇයට ඉදිරිපත් වූ චෝදනාව වූයේ සිය පෙම්වතාට ගංජා සැපයීමයි. රාජ්පුට් බිහාරයේ උපත ලැබූවකි. මේ මරණය පිළිබඳ විවාදය භාරතීය ජනතා පක්‍ෂය විසින් බිහාර් මැතිවරණයේදී තම වාසියට හරවා ගත්තේය.

 ආර්යන් ඛාන් 23 හැවිරිදිය. ඔහු කැලිෆෝනියා විශ්වවිiාලයේ අධ්‍යාපනය ලබයි. බොලිවුඞ් සුපිරි තරුවක් වන ශාරුක් ඛාන්ගේ වැඩිමහලූ පුත‍්‍රයා වන ඔහු ඔක්තෝම්බර් මාසය පුරාම ඉන්දීය මාධ්‍යවල පමණක් නොව ලෝක මාධ්‍යවලද අවධානයට ලක්වූයේ මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට පත්වීම නිසාය. ආර්යන් ඛාන්ට දින 28 ක් පමණ අත්අඩංගුවේ පසුවන්නට සිදුවූයේ මත්ද්‍රව්‍ය චෝදනා නිසාද? නැත්නම් ඔහු ශාරුක් ඛාන්ගේ පුතාවීම නිසාද? බොලිවුඩය හා වත්මන් දිල්ලි ආණ්ඩුව අතර ඇති ගැටුමේ ගොදුරක් වීම නිසා ආර්යන් ඛාන්ට සති හතරක කාලයක් සිරගතව සිටින්නට සිදුවිය. ඔහු බලඅරගලයක ගොදුරක්ම පමණක් විය. මන්ද ශාරුක් ඛාන්ගේ පුතු සමඟ අත්අඩංගුවට ගත් කිහිපදෙනෙක් (ප‍්‍රබල භාරතීය ජනතා පක්‍ෂ කි‍්‍රයාකාරීන්ගේ ඥාතීන්* අත්අඩංගුවට පත් දිනයේම නිදහස් කර යැවූ බව මහරාෂ්ඨයේ ඇමැති නවාබ් මලික් මහතා හෙළිකර තිබිණි. ශාරුක් පුත‍්‍රයා ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට ගැනීම භාරතීය ජනතා පක්‍ෂයේ කුමන්ත‍්‍රණයක් බව ඔහු හෙළිකර තිබිණි.

 එලෙසම මහරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයේ තවත් ඇමැතිවරයෙක් වන ච්හාගාන් භූජාල් පවසා තිබුණේ ශාරුක් භාරතීය ජනතා පක්‍ෂයට බැදුනානම් මේ මත්කුඩු සියල්ල සීනී බවට පත්වන බවයි. ආර්යන් අත්අඩංගුවට ගැනීමට සතියකට දෙකකට පෙර ගුජරාටයේ මුන්ද්‍රා වරායෙන් හෙරොයින් කිලෝ තුන්දහසක් සොයාගනු ලැබුවත් ඒ ගැන නිසි පරීක්‍ෂණයක් සිදු නොවිනි. මුන්ද්‍රා වරාය යනු ගෞතම් අදානි සතු පෞද්ගලික වරායකි. ගෞතම් අදානිට ඉන්දියාව පුරා වරායන් දහයකට අධික ප‍්‍රමාණයක් තිබේ. ගෞතම් අදානි මෝදි අගමැතිගේ හොඳ හිතවතෙකි. එහෙත් ඉන්දීය බලධාරීන් උනන්දු වූයේ ආර්යයන් ඇතුළු කණ්ඩායම සතුව තිබූ ග‍්‍රෑම් 15 ක මත්ද්‍රව්‍ය තොගය පිළිබඳවය.

 ආර්යන් ඛාන් අත්අඩංගුවට පත්වන්නේ මුම්බායි මුහුදේ නැවක පැවැත්වූ මත්ද්‍රව්‍ය සාදයක් අතුරතුරේය. මේ සාදයට සහභාගි වූ පිරිස 1800 කි. නමුත් අත්අඩංගුවට ගනු ලබන්නේ 13 දෙනෙකි. ඉලක්කය ආර්යන් මිස අන්කවරෙක්වත් නොවන බව පැහැදිලියි. ඉන්දීය මධ්‍යම රජය යටතේ පාලනය වන ජාතික මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් මෙම වැටලීම කරන්නේ එහි අධ්‍යක්‍ෂ සමීර් වැන්කඬේගේ නායකත්වයෙනි. මේ වැටලීම සඳහා මෙම කාර්යාංශයට සම්බන්ධ නොවන භාරතීය ජනතා පක්‍ෂ කි‍්‍රයාකාරීන් දෙදෙනකුද සම්බන්ධවී ඇති බව පසුව හෙළිවිය. සාදය පැවැත්වූ නැව මුම්බායි සිට ගෝවා බලා යාත‍්‍රා කරමින් පැවැතිණි. දිනයකින් දෙකකින් ආර්යයන්ට ඇප ලැබෙනු ඇතැයි බොහෝ දෙනා සිතුවද එය ලෙහෙසිවූයේ නැත. පහළ අධිකරණය දින ගණනාවක් නඩුව විභාග කර ඇප ප‍්‍රතික්‍ෂේප කළේය. එනිසා මුම්බායි මහාධිකරණයට යෑමට සිදුවිය. මුම්බායි මහාධිකරණයද දින කිහිපයක් පුරා ඇප අයදුම්පත විභාග කර පසුව ඇප ලබාදුන්නේය. දින 28 කට පසුව ඛාන් පුතාට නිවසට යෑමට වාසනාව උදාවිය. ශාරුක් සමඟ එකට ර`ගපෑ නිළිිය ජුහි චව්ලා පැමිණ ලක්‍ෂයක ශරීර ඇපයක් තබා සියලූ ලියකියවිලි අත්සන් කළ පසුව ආර්යයන්ට මන්නට් නිවස බලා යා හැකි විය. සිය දරුවා නිවසට පැමිණි අවස්ථාවේ ශාරුක් හ`ඩා වැටී ඇත. එසේම සති ගණනාවක් ආර්යන් බන්ධනාගාරයේ සිටි නිසා එම පීඩනය හේතුවෙන් මේ සුපිරි නළුවාට නිදාගත නොහැකි විය. ඒ ඔහුගේ දාරක ස්නේහයයි. ඒ ගැන තර්කයක් නැත. කවර සුපිරි තත්ත්වයක සිටියද තමන්ගේ දරුවන් ගැන වඩා හොඳින් සොයා බැලිය යුතු බව මේ අවුල හරහා ලබාදෙන වැදගත්ම පණිවුඩයයි.

 කෙසේ නමුත් භාරතීය ජනතා පක්‍ෂය හා බොලිවුඩය අතර ඇති අවුල කුමක්ද? බොලිවුඩයේ ප‍්‍රධාන තාරකා තුනම ඛාන්වීම උග‍්‍ර හින්දු මතවාදී ආණ්ඩුව නොඉවසයිද? ශාරුක් පුත‍්‍රායා අත්අඩංගුවට පත්වූ පසු සලමන් ඛාන් වහාම මන්නට් නිවස වෙත ගියේ මේ අපහසු අවස්ථාවේ ශෝකය බෙදා ගන්නටය. අමීර් ඛාන් නම් මේ අර්බුදය ගැන කවරක් කීවාද යන්න ප‍්‍රසිද්ධ වූයේ නැත. එහෙත් කොංග‍්‍රස් නායක රාහුල් ගාන්ධි පෞද්ගලිකව ශාරුක් වෙත ලිපියක් ලියමින් මේ අර්බුදකාරී අවස්ථාවේ සිය කනගාටුව පළකර තිබුණු බව හින්දු පුවත්පත් වාර්තාවක සඳහන් විය. රාහුල් ගාන්ධි නමින් පෞද්ගලික ලිපියක් එවන්නේ ඔහුගේ හිතවත්කම නිසාද නැත්නම් මෙය දේශපාලන දඩයමක් නිසාද යන්න පැහැදිලි නැත. එහෙත් දේශපාලන දඩයමක්වූ නිසාම මුම්බායි ආතර් බන්ධනාගාරයේද තනි සිරකුටියක රැඳී සිටින්නට ආර්යයන් ඛාන්ට සිදුවිය. එහිදී ඔහු බන්ධනාගාර පුස්තකාලයෙන් ලබාගත් පොත් දෙකක් කියවමින් කාලය ගෙවා ඇත. ආර්යන් බලන්නට ආතර් බන්ධනාගාරයට ශාරුක්ද ගොස් තිබිණි.

 පසුගිය වසරේදී තරුණ නළු කුෂාන්ත් සින් රාජ්පුට් සිය දිවි නසා ගැනීමෙන් පසු භාරතීය ජනතා පක්‍ෂ හිතවාදී මාධ්‍ය නාලිකා සියල්ල බොලිවුඞ් කර්මාන්තයේ ප‍්‍රබලයන්ට දැඩි ලෙස ප‍්‍රහාර එල්ල කරන්නට විය. එසේම බොලිවුඩයේ කි‍්‍රයාත්මක වන මත්ද්‍රව්‍ය ජාලයක් ගැනද හෙළි කෙරිණි. එම නිසාම රාජ්පුට්ගේ පෙම්වතියවූ රියා චක‍්‍රබොර්තිට මාසයක අධික කාලයක් බන්ධනාගාර ගතවන්නට ද සිදුවිය. ඇයට ඉදිරිපත් වූ චෝදනාව වූයේ සිය පෙම්වතාට ගංජා සැපයීමයි. රාජ්පුට් බිහාරයේ උපත ලැබූවකි. මේ මරණය පිළිබඳ විවාදය භාරතීය ජනතා පක්‍ෂය විසින් බිහාර් මැතිවරණයේදී තම වාසියට හරවා ගත්තේය. කෙසේ නමුත් ආර්යන් ඛාන්ගේ අත්අඩංගුවට පත්වීම ඉදිරියේ පැවැත්වෙන උත්තර් ප‍්‍රදේශ ප‍්‍රාන්ත මැතිවරණයේදී යොදා ගැනීමට වත්මන් පාලක පක්‍ෂය සූදානම්ය.

 ආර්යන් මුස්ලිම් වීම නිසා මෙය වඩා හොඳින් භාවිතා කිරීමට හැකිය. මුස්ලිම්වරුන් පාලනය කරන බොලිවුඩයේ නරක පිළිබඳව උත්තර් ප‍්‍රදේශ ප‍්‍රාන්තයේ වත්මන් මහ ඇමැති වන යෝගීට වඩා හොඳින් ප‍්‍රකාශ කළ හැකිය. 2014 බලයට පත්වීමෙන් පසුව භාරතීය ජනතා පක්‍ෂ නායකයන් බොලිවුඩය දෙස බැලූවේ සතුටින් නම් නොවේ. හින්දු මුස්ලිම් ඒකබද්ධතාවය නොව තනි හින්දු බොලිවුඞ් කර්මාන්තයක් ඔවුනගේ අරමුණු විය. ඉහතින්ද සඳහන් කරනු ලැබූ මහරාෂ්ට‍්‍ර ප‍්‍රාන්ත ආණ්ඩුවේ කැබිනට් ඇමැති නවාබ් මලික් පසුගිය 29 වැනිදා නාග්පූර් ගුවන්තොටුපළේදී මාධ්‍ය අමතමින් ප‍්‍රකාශ කර තිබුණේ බොලිවුඩය මුම්බායි සිට උත්තර් ප‍්‍රදේශ ප‍්‍රාන්තයේ නොයිඩා වෙත ගෙනයෑමට උත්සාහයක් ඇති බවයි. ඒ සඳහා අවශ්‍ය වාතාවරණය සකස් කිරීම සඳහා බොලිවුඞ් සිනමා කර්මාන්තය පිළිබඳ වැරදි ප‍්‍රචාර ගෙනයන බවත් මලික් ඇමැතිවරයා සඳහන් කර තිබිණි. උත්තර් ප‍්‍රදේශයේ හින්දු දැඩි මතධාරි යෝගි මහ ඇමැති විසින් නොයිඩා හි සිනමාව වෙනුවෙන්ම වූ නගරයක් නිර්මාණය කරනු ලබයි.

 ඔහුට අවශ්‍ය ඛාන්ලාගෙන් තොර හින්දි සිනමාවකි. එය යථාර්ථයක්ද නැත්ද වෙනම කතාවකි. නමුත් හින්දි සිනමාව හින්දු මුස්ලිම් කියා බෙදීම කරන්නට නොහැකිය. එවිට සිදුවන්නේ එය බිඳ වැටීම පමණකි. වර්තමානයේ මලයාම් සිනමාව ඉතා හොඳ නිර්මාණ එළිදක්වයි. ඒවා හින්දි සිනමා නිර්මාණවලට වඩා බොහෝ ඉදිරියෙනි. මෙය වෙනත් කතාවකි. ඒ මම මලයාලම් චිත‍්‍රපට රසිකයෙක්වීම නිසාය.

 චීන හමුදාව ලඩාක් හි ඉන්දීය දේශසීමාව අසලට අනතුරුදායක ලෙස ළඟාවී සිටියත් රටේම අවධානය යොමුව තිබුණේ ආර්යන් ඛාන්ගේ ප‍්‍රශ්නයටය. ඉතාම බලවත් මුස්ලිම් පවුලක දරුවෙකුටත් මාසයකට ආසන්න කාලයක් බන්ධනාගාර ගතව සිටින්නට වූවානම් අනෙක් සාමාන්‍ය මුස්ලිම් අයගේ ඉරණම කෙසේ දැයි ඉන්දීය විචාරකයන් ප‍්‍රශ්න කර තිබිණි. ඇත්තෙන්ම ආර්යන් සතුව කිසි මත්ද්‍රව්‍යයක් තිබී නැත. මෝදි ආණ්ඩුව යටතේ ඉන්දියාවේ වෙසෙන 14% ක් වන මුස්ලිම් ජාතිකයන්ගේ ඉරණම පිළිබඳ බරපතළ ප‍්‍රශ්නයක් පැන නගී. භාරතීය ජනතා පක්‍ෂ ආධාරකරුවන් නිරන්තරව ප‍්‍රකාශ කරන්නේ ශාරුක් යනු පාකිස්ථාන ඒජන්තයෙක් බවයි. එම නිසා ඔහු ඉස්ලාමාබාද් වෙත යායුතු බව ඔවුනගේ මතයයි. නමුත් මේ සුපිරි නළුවා කිසිම විටක තම මව්බිමට එරෙහි වී නැත. එසේම දේශපාලනය යොදාගෙන කලාව භේදභින්න කිරීම කිසිසේත් සුදුසු නැත. ඉන්දීය විරෝධී තලෙබාන් සාමාජිකයන් පවා හින්දි සිනමාවෙන් රසවින්දනය ලබයි. එවිට ආගම් භේද නැත. දිල්ලි ආණ්ඩුවේ මැදිහත්වීම් නිසා දැන් බොලිවුඩය දෙකට බෙදී ඇත. ආණ්ඩු විරෝධීන් මෙන්ම ආණ්ඩුවට සහය දක්වන පිරිස් පැහැදිලිව දක්නට ලැබේ. ආණ්ඩු විරෝධී අදහස් දක්වන අයගේ නිවාස හා දේපළ මධ්‍යම ආණ්ඩුවේ බදු නිලධාරීන්ගේ නිරන්තර පරීක්‍ෂණයන්ට ලක් වේ. මීට වසරකට පමණ පෙර ආණ්ඩුව විවේචනය කළ චිත‍්‍රපට අධ්‍යක්‍ෂ අනුරාද් කාශ්‍යප්ට අතවර චෝදනා එල්ල විය. සිය දරුවා අත්අඩංගුවට පත්වී දින 28 කට පසුව නිදහස් වූ විට හෝ ශාරුක් ඛාන් සමාජ මාධ්‍ය ඔස්සේ කිසිම ප‍්‍රකාශයක් නිකුත්කළේ නැත. එසේ කළා නම් එය වඩා ආන්දෝලනයට ලක්වී ආර්යන් තවත් අර්බුදයට ලක්වනු ඇත. එසේම ඔහු ආර්යන්ගේ නඩුව විභාග වීම නැරඹීමටද සහභාගි වූයේ නැත. තමන් දඩයමකට ලක්ව ඇති බවත් ඒ උගුලට සිය වැඩිමහලූ පුතු සිරවී ඇති බවත් හොඳින් දන්නා ශාරුක් නිහඩ වත රකී.

 චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment