බොලිවුඩයේ කොලිවුඩයේ නළු නිළියන් ගේ කොණ්ඩ හැඩකරන අපේ කොල්ලා – හරූන් ෂයිඩි

373

සාමාන්‍යයෙන් අපි හැමදාම කතාබහ කළේ නළු නිළියන් ගැන. එහෙමත් නැතිනම් චිත‍්‍රපට ගැන. අද අපි කතාබහ කරන්න හිතුවේ ටිකක් වෙනස්ම චරිතයක් සමඟ. ඔහු ගේ නම රූපය එතරම් ප‍්‍රසිද්ධ නැති වුණාට මේ චරිතය අපේ රටේ නළු නිළියන් චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරුන් අතර හරි ජනපි‍්‍රයයි. ඒ විතරක් නෙමෙයි බොලිවුඩයේ කොලිවුඩයේද මේ නම කතාබහ වෙනවා. නළු නිළියන්ට කොණ්ඩා මෝස්තර වලින් වෙනස්ම ස්වරූපයක් මවන ඔහු නමින් හරූන් ෂයිඞීන්. මේ ඔහු ගේ හඬයි.


 * නිළියන් අතර ජනපි‍්‍රය හරූන්ව ක්‍ෂේත‍්‍රයට හඳුන්වා දෙන්නේ කවුද?

 මම මීට අවුරුදු දහයකට කලින් තමයි ක්‍ෂේත‍්‍රයට එන්නේ. මට මුලින්ම හම්බවෙන කෙතා තමයි පූජා උමාශංකර්. ඇය තමයි මාව ක්‍ෂේත‍්‍රයට හඳුන්වලා දුන්නේ.

 * ඔබ චිත‍්‍රපට ගණනාවක කොණ්ඩා සැකසුම් ශිල්පියා විදිහට වැඩකරලා තියෙනවා නේද?

 මම මුලින්ම වැඩ කළේ ගින්නෙන් උපන් සීතල කියන චිත‍්‍රපටයේ. නමුත් මුලින්ම තිරගත වුණේ ඊට පසුව මම වැඩ කළ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ බිම්බාදේවී හෙවත් යශෝදරා චිත‍්‍රපටය.

 * ඇත්තටම මේ වෙනකොට චිත‍්‍රපට කීයක කොණ්ඩා සැකසුම් කරලා තියෙනවාද?

 දැනට චිත‍්‍රපට දහයක විතර වැඩකරලා තියෙනවා. මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ යශෝදරා විජයබා කොල්ලය, කදිර දිව්‍යරාජ වගේම අනුරුද්ධ ජයසිංහගේ ගින්නෙන් උපන් සීතල, සුසිරින් ද සිල්වා ගේ මිස් ජෙනිස්, සෝලා එක්ලීස් දේවින්ද කෝන්ගහගේ ගිරිවැසිපුර චිත‍්‍රපටය.

 * නිළියෝ කී දෙනකුගේ චිත‍්‍රපටවලට කොණ්ඩා සැකසුම් කරලා තියෙනවාද?

 මාලනී ෆොන්සේකා මහත්මියගේ ඉ`දලා මේ වෙනකොට ක්‍ෂේත‍්‍රයේ රැුඳිලා ඉන්න නවක සියලූම දෙනාගේ කොණ්ඩා සැකසුම් කරලා තියෙනවා වගේම සමහර නිළියන්ගේ පෞද්ගලික මේකප් ආටිස් විදිහටත් වැඩ කරනවා.

 * මිස් ජෙනිස් චිත‍්‍රපටයේ මනෝරත්නයන්ගේ කොණ්ඩා නිර්මාණය කළෙත් ඔබ නේද?

 ජයලත් මනෝරත්න මහත්මයා කියන්නේ මට හම්බ වුණ ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන්ගෙන් නිහතමානීම චරිතයක්. ඔහු සමඟ වැඩකළේ පළමු වතාවට. ඔහුව ඇය කරන්න අපිට සෑහෙන වෙහෙසක් දරන්න සිද්ධ වුණා. අපි එක එක විදිහේ කොණ්ඩා දාලා බැලූවා. මෙයාට ගැළපෙන්නේ මොකක්ද කියලා. නලීන් පේ‍්‍රමතිලක තමයි වේෂ නිරූපණ ශිල්පියා විදිහට වැඩකළේ. මනෝරත්න මහත්මයා ජීවත්වෙලා ඉන්න හැම වෙලාවකම කිව්වේ මෙයා තමයි මාව ගැහැනියක් කළේ කියලා. මනෝරත්නට අදහාගන්නත් බැරිවුණා කොණ්ඩය දැම්මට පස්සේ.

බොලිවුඩයේ කොලිවුඩයේ නළු නිළියන් ගේ කොණ්ඩ හැඩකරන අපේ කොල්ලා - හරූන් ෂයිඩි



 * ගින්නෙන් උපන් සීතල

 චිත‍්‍රපටයේ කමල් අද්දර ආරච්චිගේ

 කොණ්ඩය නිර්මාණය කළෙත් ඔබ?

 ඔබේත් මගේත් රූපය හාත්පසින්ම වෙනස් කරන්න පුළුවන් දෙයක් තමයි කොණ්ඩය කියන්නේ. කමල් අද්දරආරච්චියන්ව හැඩගැන්වූයේ රෝහණ විජේවීරයන් විදිහට. කමල් අද්දරආරච්චිව සෑහෙන මේකප් ටෙස්ට් කළා. අන්තිමේ ඔහුත් පුදුම වුණා කොණ්ඩය මේ විදිහට නිර්මාණය කිරීම ගැන.

 * ඔබ නළු නිළියන්ගේ කොණ්ඩා සැකසුම් කරන්න විදෙස්ගත වෙලා පවා තියෙනවා නේද?

 ඔව්. මගේ හැම චිත‍්‍රපටයකටම මම කොණ්ඩා රැුගෙන එන්න විදෙස්ගත වෙනවා. විජයබා කොල්ලයේ හැම චරිතයකටම කොණ්ඩ ගෙනාවේ ඉන්දියාවෙන්. මට හම්බවුණ ලොකුම ග්ලැමර් චිත‍්‍රපටය තමයි යශෝදරා. ඒකට මම වෙනම සැකිල්ලක් හදාගෙන තමයි ඉන්දියාවට ගියේ.

 * වසංගතයත් සමඟ ඔබට අහිමිවුණ අවස්ථාත් එමටයි නේද?

 කරන් ජොහාර් පටන් ගන්න හිටපු චිත‍්‍රපටයේ ප‍්‍රධාන නිළිය විදිහට වැඩ කරන්න හිටියේ දීපිකා පදුකෝන්. මේ චිත‍්‍රපටයේ රූගත කිරීම් කරන්න තිබුණේ ලංකාවේ. එහි කොණ්ඩ සැකසුම් කරන්න හිටියේ මම. ඒක මට අහිමි වුණා. මනිරත්නම් මහත්මයාගේ චිත‍්‍රපටයේ පවා මට අහිමි වුණා.

 * ඔබ බොලිවුඩයත් සමගත් වැඩ කරනවා නේද?

 මම බොලිවුඩයයි කොලිවුඩයයි දෙකම එක්ක වැඩ කරනවා. චිත‍්‍රපට ක්‍ෂේත‍්‍රයේ නම් නෙමෙයි වාණිජ ක්‍ෂේත‍්‍රයේ. කොලිවුඞ් චෙන්නායි මම වැඩකරන්නේ පූජා උමාශංකර්ගේ පෞද්ගලික කොණ්ඩා සැකසුම් ශිල්පියා විදිහට. අනිත් එක හොලිවුඞ්. ඒක තමයි මගේ අන්තිම සිහිනය. මම ගොඩක් වාසනාවන්තයි. බොලිවුඞ් ඇක්ටර්ස්ලාත් එක්ක වැඩකරලා තියෙනවා.

 * කවුද ඒ?

 ස්ටීව් කූගන් සමඟ වැඩකරලා තියෙනවා. ග‍්‍රීඞ් කියන චිත‍්‍රපටයේ ඒක රූගත කළේ ලංකාවේ එතකොට ඇවටර් චිත‍්‍රපටයේ විලන් ලෙස රඟපෑ ස්ටෙෆාන් ලෑන්ඞ් සමඟ වැඩ කළා. ස්ලෝ ඉක්ලිප්ස් චිත‍්‍රපටයේ.

 * හරුන් ජාත්‍යන්තරයට යන්නද කැමති?

 ඔව්. මම ජාත්‍යන්තරයට යන්න තමයි කැමැති. සොනක්‍ෂි සිං, අනුප‍්‍රියා ගොරිකන්, පලවි සුභාෂ්, අර්ථන් චෞදරි, බිපාෂා භාසු, කංගනා රනාවුත්ගේ පවා කොණ්ඩා සකසලා තියෙනවා.

  දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment