බොලිවුඩයේ  ‘ඩිස්කෝ රජු’ නිහඬ වෙයි

314

බොලිවුඩයේ ඩිස්කෝ රජු ලෙස කිරුළ පැළඳ සිටි බප්පි ලහිරි අභාවප‍්‍රාප්ත වී තිබේ.

 මිය යනවිට හෙතෙම 69 වැනි වියේ පසුවිය.

 මුබ්බායි රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදී ලහිරි මියගොස් ඇති අතර අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ද ඔහුගේ අභාවය වෙනුවෙන් ශෝක පණිවුඩයක් නිකුත් කර ඇත. ලහිරිගේ අවසන් කටයුතු අද (17 දා* සිදු කෙරේ.

 2019 වසරේදී ඔහු සිය සංගීත දිවියේ 50 වැනි වසර සම්පූර්ණ කළේය. ගායකයකු නේම සංගීතඥයකු ලෙස ද ඔහු ඉන්දියාවේ ඉහළ නමක් දිනා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment