බොලිවුඩ් ගායක සෝනු නිගම් ට පහර දුන් – තවාදී සිව්සේනා මන්ත්‍රීගේ පුත්‍රයා අත්අඩංගුවට

475

පහර දුන්නේ සෙල්ෆි ඡායාරූපයක් ගැනීම ප්‍රතික්ෂේප කළ නිසා බව පොලිසිය කියයි

ප්‍රකට බොලිවුඩ් ගායක සෝනු නිගම් ට සිව්සේනා නමැති ඉන්දීය අන්තවාදී සංවිධානයේ නායකයාගේ සමීපතම මන්ත්‍රී ප්‍රතාප් පන්ටෙර්සිකර්ගේ පුත්‍රයා විසින් පහර දී ඇත. එම පහරදීමේ දී සොනු නිගම්ගේ සගයන් දෙදෙනකු ද තුවාල ලබා ඇත. මුබ්බායි සංගීත සංදර්ශනයක දී මෙම පහරදීම සිදුකර ඇත්තේ ස්මාප්‍රිල් නමැත්තෙකි.

ස්මාප්‍රිල් සමග සෙල්ෆි ඡායාරූපයක් ගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා මෙම පහරදීම සිදුවී ඇත.

මුම්බායිහි චෙම්මුර් උත්සවය නිමිත්තෙන් මෙම සංගීත සංදර්ශනය සංවිධානය කර තිබුණේ සෝනු නිගම්ට පහර දුන් ස්මාප්‍රිල්ගේ පියා ය.

වේදිකාවෙන් බැස එන අවස්ථාවේ ස්මාප්‍රිල් විසින් සෝනු නිගම් තල්ලුකර සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කර ඇතැයි පොලිස් කොමසාරිස් හේමරාජසිං රාජපුත්‍ර පැවසීය.

ස්මාප්‍රිල් නැමැත්තා අත්අංගුවට ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment