බෝගහපැලැස්ස ඉඩම් කොල්ලයට ඉඩදීම: – කරුණු දක්වන්න රජයේ ප්‍රධානීන් පිරිසකට නොතිසි

102

පරිසර අණපනත් පුරාවිද්‍යා අණපනත් ඇතුළු අණපනත් උල්ලංඝනය කරමින් සොරඟුණේ කුඩා කතරගම දේවාලය ආශ්‍රිතව පවතින බෝගහපැලැස්ස වන රක්‍ෂිතයේ පිහිටි ඉඩම් හා වන ආවරණය විවිධ පුද්ගලයන්ට භාවිත කිරීමට ඉඩහැරීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා බෞද්ධ කටයුතු කොමසාරිස් වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්, මධ්‍යම පරිසරය අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් හා පොලිස්පති ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමට අභියාචනාධිකරණය ඊයේ (13 දා) නියෝග කළේය.

වනජීවී හා පරිසර ආරක්‍ෂණ සංගමයේ සභාපති ජෙහාන් කනගරත්න, පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්‍ෂ හේමන්ත විතානගේ, පතිරගොඩ කම්කානම්ලාගේ දිලින යන මහත්වරුන් ඇතුළු පිරිසක් ගොනුකර තිබූ රිට් පෙත්සමක් කැඳවූ, සෝභිත රාජකරුණා හා ධම්මික ගනේපොල යන විනිසුරු මඬුල්ල එම නියෝගය කළේය.

එම පෙත්සම මැයි 4 වැනිදා යළි කැඳවීමට නියමිතය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment