බෝට්ටුවකින් ඔස්‌ට්‍රේලියාවට පනින්න ගිය සිව්දෙනෙක් වැල්වෙටිතුරේදී අත්අඩංගුවට

60

යාපනයේ වැල්වෙටිතුරෙයි මුහුදු සීමාව හරහා බෝට්ටුවකින් ඔස්‌ට්‍රේලියාවට යෑමේ අරමුණින් යාපනයේ තොණ්ඩමානාරු ප්‍රදේශයේ නවාතැන් ගෙන සිටි පුද්ගලයන් හතර දෙනෙකු යුද හමුදාවේ නිලධාරීන් පිරිසක් විසින් 6 දා අත්අඩංගුවට ගෙන තිබේ.

එම පුද්ගලයන් හතර දෙනා වවුනියාව හා ත්‍රිකුණාමළය යන පළාත්වල පදිංචිකරුවන් වන අතර අදාළ තැරැව්කරුට ඔස්‌ට්‍රේලියාවට යෑම සඳහා රුපියල් ලක්ෂ 13 ක මුදලක් ගෙවීමට පොරොන්දු වී ඇති අතර ඉන් අත්තිකාරම් වශයෙන් රුපියල් ලක්ෂ 3 ක් බැගින් ගෙවා ඇති බවද යුද හමුදාව විසින් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී තිබේ. අදාළ සැකකරුවන් හතර දෙනා ඉදිරි විමර්ශන කටයුතු සඳහා යාපනයේ වැල්වෙටිතුරෙයි පොලිසිය වෙත බාර දී තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment