බෝට්ටුවකින් ඕස්‌ට්‍රේලියාවට පන්නින ගිය 64 ක් නාවික හමුදාවට කොටු  

96

බෝට්ටුවකින් නීති විරෝධි ලෙස ඕස්‌ට්‍රේලියාවට යමින් සිටි පුද්ගලයන් 64 දෙනෙකු සමග යාත්‍රාවක් නාවික හමුදාව විසින් මුලතිව් හා ත්‍රිකුණාමලය අතර මුහුදේදී 15 දා අත්අඩංගුවට ගෙන තිබේ.

ගැඹුරු මුහුදේ ගමන් කරමින් තිබූ සැක සහිත යාත්‍රාවක් දැක එය නිරීක්ෂණය කිරීමෙන් පසුව ඒ තුළ සිටි බාලවයස්කරුවන් තිදෙනෙක් සමග පිරිමි පුද්ගලයන් 50 දෙනකු සමග කාන්තාවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

බෝට්ටුවකින් ඕස්‌ට්‍රේලියාවට පන්නින ගිය 64 ක් නාවික හමුදාවට කොටු  

නාවික හමුදාව කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ ඔවුන් ඕස්‌ට්‍රේලියාවට යෑමේ අපේක්ෂාවෙන් මුදල් ගෙවා බෝට්ටුවට ගොඩ වූ බවයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් ත්‍රිකුණාමලය, මුලතිව් සහ යාපනය ප්‍රදේශවලට අයත් පුද්ගලයන් බව හඳුනාගෙන ඇත. ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා ත්‍රිකුණාමලය වරාය පොලිසිය වෙත බාර දී ඇත. පොලිසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment