බෝට්ටුවෙන් ඉන්දියාවට පැන්න යාපනයේ එකම පවුලේ පස් දෙනකුට රාමේෂ්වරම්හි සරණාගතභාවය

109

බෝට්ටුවක ආධාරයෙන් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශය වෙත ගිය යාපනයේ පුංගුඩුතීව් ප්‍රදේශයේ එකම පවුලේ පස් දෙනකුට රාමේෂ්වරම් මණ්ඩපම් සරණාගත කඳවුරේ සරණාගතභාවය 5 දා ලැබී තිබේ.

මේ පස් දෙනා යාපනයේ සිට මන්නාරමට පැමිණ බෝට්ටුවකින් ඉන්දියාව වෙත ගොස් තමිල්නාඩුවේ වැලි කන්දකට ගොඩ බැස සිටියදී පොලිසිය පැමිණ ඔවුන්ව මුදා ගෙන තිබේ.

මේ අයගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමෙන් අනතුරුව තමිල්නාඩුවේ රාමේෂ්වරම් සරණාගත කඳවුරු භාර නිලධාරීන් වෙත ඔවුන්ව භාර කිරීමෙන් පසුව ඔවුන්ට සරණාගතභාවය ලබා දී ඇත.

මෙසේ ගිය පිරිස අතර කාන්තාවන් දෙදෙනකු, පිරිමියකු සහ පිරිමි දරුවකු වෙයි.

මේ වන විට උතුරේ සිට ඉන්දියාවට ගොස් එහි සරණාගතභාවය ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව 168 කි.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment