බෝඩිංකාරයින්ට දීලා බැහැ අලුත් පිරිසක් රට භාරගන්න ඕනෑ – ඇල්ලේ ගුණවංශ හිමි

419

‘රටේ පාලකයෝ ගැන විශ්වාසයක් තියන්නේ නැතිව තමන්ට ආහාරයට ගත හැකි යමක් ගෙවත්තේ පැළ කරන්න’ යැයි කොළඹ බෞද්ධාලෝක ධර්මායතනාධිපති ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති.

රට ඉතා බරපතළ තත්ත්වයක තිබෙන අතර රට ආක්‍රමණයට ලක්වෙමින් සිටින බවත් උන්වහන්සේ පැවසූහ. කෝට්ටේ වජිර පුනරුත්ථාපන ළමා නිවාසයේ විධායක අධ්‍යක්‍ෂ ආචාර්ය හුණුපලගම වජිරඥාන ශ්‍රී නාහිමියන්ගේ 81 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ගැබිනි මාතාවන් සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගි වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.

හුණුපලගම නාහිමියන්ගේ දායකත්වයෙන් ළමා නිවාසයේ හැදී වැඩුණු 5300ක් මේ වන විට සමාජයට ගොස් සිටින අතර ඉන් 800ක් පමණ ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශයට සම්බන්ධ වී ඇති බවත් ඒ හා සමාන පිරිසක් විදෙස් ගතවී සිටින බවත් හුණුපලගම නාහිමියෝ මෙහිදී පැවසූහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇල්ලේ ගුණවංශ හිමියෝ මෙසේද පැවසූහ.

ගොවීන්ගේ පොහොර ප්‍රශ්නය, පෙට්‍රල්, ගෑස්, කිරිපිටි වැනි එක ප්‍රශ්නයකටවත් නිසි පිළිතුරක් දෙන්නෙ නැහැ. බලය රැකගන්න සහ බලය ලබාගන්න තමයි පිරිස කතා කරන්නේ. මේ දේශපාලනය ගැන කලකිරිල ඉන්නේ. අලුත් පිරිසක් රට භාරගන්න අවශ්‍ය තැනට පත්වෙලා.

විශ්වාසවන්ත පිරිසක් රට භාරගන්න අවශ්‍යයි. තවත් මේ රට බෝඩිංකාරයන්ට දීලා හරියන්නේ නැහැ. අපිත් නැගිටලා රට හදන තැනට ගේන්න කටයුතු කරනවා.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment