බෝනස්

796

මේ වෙලාවේ මේ රටේ ජනතාව කතා කරන ලොකු ප්‍රශ්න දෙකක් තිබේ. ඉන් පළමුවැන්න ළඟ එන ලයිට් බිල් ප්‍රශ්නයයි. දෙවැන්න, Income Tax ප්‍රශ්නයයි. ශ්‍රී ලංකාවේ ජනයා කවදත් ආදායම් බදුවලට විරුද්ධය. එයට හේතු දෙකක් තිබේ. පළමුවනුව මේ රටේ සාමාන්‍ය ජනතාවගෙන් වැඩි දෙනකුට ලැබෙන්නේ ඉතා කුඩා වැටුපකි. දෙවනුව අපේ රටේ මිනිස්සුන්ට ඉන්කම් ටැක්ස් ගෙවීමේ පුරුද්දක් නැත. යුරෝපයේ රටවල් කාර්මික විප්ලවය පටන් ගැනීමත් සමගම ජනතාවගෙන් බදු අය කිරීමට පටන් ගත්තේය. ඊට පෙරත් tax රටවල බදු පැනවීම් තිබුණු නමුදු හැමෝම බදුවලට හසුවුණේ නැත. කාර්මික විප්ලවයේ ඇරඹුමත් සමගම රැකියා කරන හැමෝගෙන්ම විධිමත් ලෙස බදු අය කිරීමට යුරෝපයේ ආණ්ඩු පටන් ගත්හ. එසේ අය කෙරුණු බදු පෙරළා ජනතාවගේ සුබ සිද්ධිය සඳහා යොදවනු ලැබීය. ශ්‍රී ලංකාව තුළ ද රජ කාලයේ සිටම බදු ක්‍රම තිබිණ. විදේශික ආක්‍රමණිකයන් විසින් මේ රට අල්ලා ගැනීමෙන් පසු රජතුමා විසින් ගැසූ බදුවලට අමතරව ඉතාම මෝඩ ආකාරයට බදු පැනවීමට ඉංග්‍රීසි ආණ්ඩුව පියවර ගත්තේය. එකල රැවුල වවනවාට වෙනම බද්දක් ද රැවුල කපනවාට වෙනම බද්දක් ද අය කරන ලදි. කොණ්ඩය නොබැඳ කොටට කපන පිරිමින්ගෙන් වෙනම බද්දක් අය කෙරිණ. කාන්තාවක් හැට්ටයක් ඇඳිය යුතු නම් එයට ද බද්දක් අය කරන ලදි. මීට අමතරව ගෙවල්වල උළු හෙවිලි කිරීමට ද හුණු ගෑමට ද වෙන වෙනම බදු ගෙවීමට සිදුවේ. එහෙත් ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු මේ සියලු අමානුෂික බදු ඉවත් කර සාමාන්‍ය බදු ක්‍රමයක් හඳුන්වාදෙන ලදි. බද්ද සාමාන්‍ය නිසාත් එය නොගෙව්වාට දෝසයක් නැති නිසාත් මේ රටේ ජනයා ක්‍රමයෙන් බදු ගෙවීම මගහරින්නට පටන් ගත්හ. ඉන්පසු බදු ගෙවීමේ පුරුද්ද සම්පූර්ණයෙන්ම බැහැර විය. හැමෝම කල්පනා කළේ බද්දක් නොගෙවා ආදායම බේරා ගන්නේ කෙසේද යන්නය. අදටත් මේ රටේ නීතිඥයන් වැඩිදෙනා නඩු සඳහා අය කරන ගාස්තුවලට රිසිට් දෙන්නේ නැත. එසේම පුද්ගලික රෝහල්වල දොස්තරලාගේ චැනල් ගාස්තුව චැනල් වැඩ ඉවරවී හවස ගෙදර යන දොස්තරට ලියුම් කවරයක දමා Cash වලින්ම දෙනු ලැබේ. සමහර දවසකට එය රුපියල් ලක්ෂ දෙකකි. tax නිසා මේවා tax වෙන්නේ නැත. සාමාන්‍ය ජනතාවගේ පඩි පතෙන් කපන tax එක ගැන වගේම tax නොගෙවා සියලුම මුදල් සාක්කුවේ දමා ගන්නා ඉහළ ස්ථරයෙන් බදු අය කිරීමට ද ආණ්ඩුව පටන්ගත යුතුය. ලයිට් බිල වැඩි කිරීම නම් සෑහෙන්න සීරියස් වැඩක් බව පෙනේ. පඩියෙන් බද්දකුත් කපාගෙන එකෙනෙහිම ලයිට් බිලත් වැඩි කිරීමෙන් එකවර මාරක ආතල් දෙකක් ජනතාවට ලැබේ. මෙහිදී ලයිට් බිල අඩු කිරීම සඳහා සටන් වදින මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක සැබෑ වීරයකු ලෙස අප නොදකිමු. දේශපාලන ඉතිහාසයක් සහ දේශපාලන වර්තමානයක් ඇති tax මහත්මයා ස්වකීය දේශපාලන අනාගතය සඳහා ජන දුක පාවිච්චි කරන බව පෙනේ. දැනට තිබෙන තත්ත්වය අනුව ලයිට් බිල වැඩි නොකළොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට උදව් කරන්නේ නැත. එවිට අපට කරන්ට් වැදීමට නියමිතය. එසේම ලයිට් බිල වැඩි කළොත් ජනතාව විසින් ආණ්ඩුවට කරන්ට් වද්දවනවා ඇත.

මේ අතර පාඩු ලබන ආයතන කිහිපයක බෝනස් ගෙවීම නිසා ප්‍රශ්නකාරී තත්ත්වයක් හටගෙන තිබේ. ඉන් පළමුවන ආයතනය ශ්‍රී ලංකන් ගුවන් සේවය වේ. දෙවැන්න ඛනිජ තෙල් නීතිගත සංස්ථාවය. ශ්‍රී ලංකන් ගුවන් සේවය යනු දිගු කලක් ලාභ ලැබූ ආයතනයකි. එමිරේට්ස් ආයතනය විසින් එතෙක් පැවති එයාර් ලංකා නම වෙනස් කර ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් යනුවෙන් Re Brand කර අපේ ජාතික ගුවන් සේවය ලාභ ලබන තැනකට පත් කළේය. මෙහි ගෞරවය එවකට සිටි ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක වෙත පුද කරනු ලැබේ. එහෙත් ඊට පසු පැමිණි ආණ්ඩුව මේ ගුවන් සේවය කා දමන්නට පටන් ගත්තේය. එසේ අනුභව කිරීමේදී අපේ ජාතික ගුවන් සේවය සතුව තිබූ වටිනා ගමනාන්ත කිහිපයක් සූරා ගැනීමට ද වැඩපිළිවෙළක් යොදන ලදි. tax, මිහින් ලංකා නමැති බජට් එයාර් ලයින් එකක් ආරම්භ කිරීමෙනි. එතැන් සිට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් එකී ගමනාන්ත මිහින් ලංකාවට පැවරිණ. මිහින් ලංකා ගුවන් සේවය පටන් ගැනීමේදී පළමු පියවර වශයෙන් ඩොලර් මිලියන 500 ක් වියදම් කරන ලදි. මේ ගුවන් සේවය දිනපතාම බංකොලොත් විය. අන්තිමට tax වෙනුවෙන් බදු ගෙන තිබූ ගුවන් යානා කිහිපය ෆිනෑන්ස් කොම්පැනිවලට භාර දීමට සිදුවිය. එසේ නොකළා නම් එම ෆිනෑන්ස් කොම්පැනි මගින් එම ගුවන් යානා අහසේදීම උස්සාගෙන යෑමට හෙවත් සීස් කිරීමට ඉඩ කඩ තිබිණ. (අහසේදී ගුවන් යානා සීස් කරනු නොලැබේ. මෙය යෙදුමක් පමණි) අන්තිමට මිහින් ලංකා සම්පූර්ණයෙන්ම බංකොලොත් විය. tax අතර එවකට පැවති රජයේ ප්‍රධානියකුගේ මස්සිනාට ගමනක් යෑම පිණිස ගුවන් යානයක් අවශ්‍ය විය. මෙය තනිකරම නූල් බෝලයක් බැවින් කෙටියෙන් කියමු. එසේ ගුවන් යානයක් දීමට එවකට සිටි ශ්‍රී ලංකන් ප්‍රධානියා වූ පීටර් හිල් කැමැති වුණේ නැත. tax නිසා ශ්‍රී ලන්කන් ගුවන් සේවය රජයට පවරා ගත් එවකට පැවැති ආණ්ඩුව පීටර් හිල් ගෙදර යවා තම තමන්ගේ කට්ටිය මේ රටේ ජාතික ගුවන් සේවය තුළට රිංගවා ගත්තේය. අන්තිමේදී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සම්පූර්ණයන්ම නන්නත්තාර වී පාඩු ලබන්නට පටන් ගත් අතර රස්සාව නැති වූ පීටර් හිල් පසුගියදා අලුත් ගුවන් සේවයක් මෙරටදී පටන් ගත්තේය. කෙනකුට බෝනස් එකක් ලැබීම හොඳ දෙයකි. එහෙත් ආයතනයක් කඩා වැටී තිබෙන විට බෝනස් ගෙවිය නොහැක. එවැනි තත්ත්වයක් තුළ බෝනස් ලැබීමට නම් කාගෙන් හෝ සල්ලි ණයට ගෙන බෝනස් ගෙවීම කළ යුතුය. ඛනිජ තෙල් සංස්ථාවේ තත්ත්වයත් මෙයම ය. එය හැම අවුරුද්දකම පෙර අවුරුද්දට වඩා පාඩු ලැබීමේ තරගයක යෙදී සිටින ආයතනයකි. ඔවුන්ට ද බෝනස් ගෙවීමට නොහැක. මෙවැනි බෝනස් සිදුවීම් නිසා අවසානයේදී රට බංකොලොත් වන බව අප මතක තබාගත යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment