බෝනික්කන්ගෙන් මතුවූ යක්ෂයෝ

182

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ගුවන් තැපැල් ඔස්සේ ලැබී තිබූ සැක කටයුතු පාර්සල් 07ක් විවෘත කළ ශ්‍රී ලංකා රේගුවේ තැපැල් තක්සේරු අංශයේ නිලධාරීන්, ඒවා තුළ තිබී රුපියල් දහසය කෝටි පනස් නව ලක්ෂ පනස් පන් ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය.

මෙම ගුවන් තැපැල් පාර්සල් ඇමෙරිකා එක්සත් රාජධානිය, ස්පාඤ්ඤය, කැනඩාව සහ ජර්මනිය යන රටවල සිට ශ්‍රී ලංකාවේ ව්‍යාජ තැපැල් ලිපිනයන් වෙත සෙල්ලම් බඩු සහ ආහාර ද්‍රව්‍ය අඩංගුව ටින් තුළ සඟවා එවා තිබුණි.

මෙම පාර්සල් තුළ තිබී ‘කුෂ්’ නමැති ඇමෙරිකානු ගංජා ග්‍රෑම් 4,673 ක් සහ මෙතැම්පටමයින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 4,009 ක් බරැති පෙති 9,586 ක් සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබුණි.

ශ්‍රී ලංකා රේගුවේ තැපැල් තක්සේරු අංශයේ නිලධාරීන් විසින් තැපැල් දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය, රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් ඉදිරිපිට දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණි.

මේ වනවිට මේ පිළිබඳව කිසිදු සැකකරුවකු අත්අඩංගුවට ගෙන නැත. මෙම මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.

චමින්ද සිල්වා, කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment