බෝලා ටැමිල් කොපියක්ද?

120

දස වසරක සිරදඬුවමින් පසු දුව බලන්න යන අජේ
දෘෂ්‍යම් ආදායම් වාර්තාව බිඳ දමන්න පුළුවන් වෙයිද?

ඉන්දියානු සිනමාව ඇතුලේ නමක් දිනාගෙන හිටපු සුපිරි නළු නිළියන් වර්තමානය වනවිට යම් ආකාරයක පසුබැස්මකට මුහුණදීල ඉන්නවා කියන කාරණය අපි හැමෝම දන්නවා. නමුත් ඒ අය අතුරින් තවමත් ප්‍රේක්ෂක ආදරය දිනාගත්තු සුපිරි තරුත් නැතිවාම නොවෙයි. අජේ දේව්ගන් කියන්නේ අන්න එහෙම කෙනෙක්. ආරම්භයේ ඉඳන් මේ දක්වා තමන්ගේ ජනප්‍රියත්වය එක වගේ පවත්වාගන්න අජේ සමත් වුණා. ඔහු කිසිම දවසක බොළඳ පෙම්වතාගේ චරිතයට විතරක් කොටු වුණේ නැහැ. ක්‍රියාදාම සුපිරි වීරයාගේ ඉඳලා විකට සිනමාව දක්වා ඔහු සාර්ථකව තමන්ගේ සිනමා ගමන අරගෙන ආවා. ඒ නිසාම තමයි හොඳම නළුවා විදිහට ඔහු ඉන්දීය ජාතික සම්මානය තුන් වතාවක්ම දිනාගන්නේ. වර්තමානයේ ඔහු එක්ක ඉන්නේ වෙනස්ම විදිහේ ප්‍රේක්ෂක පිරිසක්. ඔවුන් අජේගේ ෆිල්ම් එකක් එනකල් ඇඟිලි ගැන ගැන තමයි ඉන්නේ. ඔන්න දැන් ඔහු ගේ අලුත්ම චිත්‍රපටයක් මාර්තු 31 ඒ කියන්නේ පෙරේදා දවසේ ඉඳන් තිරගතවීම ආරම්භ කළා. ඒ නිසා අපි හිතුවා අද අජේ ගැන වගේම එයාගෙ අලුත්ම සිනමාපටය බෝලා ගැනත් කතා කරන්න.

බෝලා ටැමිල් කොපියක්ද?

අජේ දේව්ගන් සාමාන්‍යයෙන් ෆිල්ම් එකක් කරන්නේ ගොඩක් හිතල බලලා. අනිත් අය වගේ ආවට ගියාට ෆිල්ම් කරන කෙනෙක් නෙවෙයි. ඔයාලට මතක ඇති පහුගිය දවස්වල ඔහු රඟපෑ දෘෂ්‍යම් 2 සිනමාපටය අති සාර්ථක විදිහට තිරගත වුණා. ආදායම අතින් රුපියල් කෝටි 300 සීමාව ඉක්මවා ගියපු මේ ෆිල්ම් එක අජේ දේව්ගන්ගේ සිනමා දිවියේ එතෙක් මෙතෙක් ලබාගත්තු ඉහළම ආදායම විදිහට ඉතිහාසගත වුණා. බෝලා සිනමාපටයේ අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය දෙකම සිදුකරලා තියෙන්නේ අජය දේව්ගන් විසින්. මෙය හින්දි ක්‍රියාදාම ත්‍රාසජනක සිනමාපටයක් විදිහට තමයි හඳුන්වන්නේ. 2019 වසරේ තිරගත වූ ජනප්‍රිය දමිළ සිනමාපටයක් වූ කයිති සිනමාපටයේ හින්දි අනුවාදයක් වන බෝලාහි අජය දේව්ගන්” තාබු” අමලා පෝල්” දීපක් ඩොබ්රියාල්” සංජය මිශ්‍රා” විනිත් කුමාර්” මකරන්ද් දේෂ්පාන්ඩේ” යුරී සූරි” අර්පිත් කරන්දේ වගේම ගජ්රාජ් රාඕ ප්‍රධාන චරිත රංගනයෙන් දායක වනවා. ඔවුන්ට අමතරව අභිෂේක් බච්චන් ආරාධිත රංගනයකින් බෝලා හා එකතුවනවා කියල තමයි අපිට ආරංචි වෙන්නේ.

බෝලා ටැමිල් කොපියක්ද?

වසර දහයක් සිර දඬුවම් විඳීමෙන් පසු නිදහස ලබා සිය දියණියව බැලීමට යන බෝලා නම් තරුණ පියෙක් මුහුණ දෙන අත්දැකීම් ත්‍රාසජනක ලෙස සිනමාවට නගන්න අජය සමත්වෙලා තියෙනවා. ආරම්භයේ සිට අවසානය දක්වා කුතුහලය පිරි මෙම සිනමාපටය ඔබව වෙනස්ම ආස්වාදයක් කරා රැගෙන යනවාට සැකයක් නැහැ. අවසානයේ බෝලාට තම දියණියව මුණගැසීමට හැකිවනවාදැයි දැනගැනීමට නම් ඔබ අනිවාර්යෙන්ම බෝලා නැරඹිය යුතුයි. 2022 වසරේ ජනවාරි සිට 2023 වසරේ ජනවාරි දක්වා නිෂ්පාදන කටයුතු සිදුකෙරුණු බෝලා 31 වැනිදා සිට ප්‍රේක්ෂකයින්ට දැකගන්න ලැබුණා. කයිති සිනමාපටයේ තිර රචනය සිදු කළ ලෝකේෂ් කනගරාජ් විසින් බෝලාහි තිර රචනය සිදු කිරීමත් විශේෂත්වයක්. විචාරකයින් කියන්නේ මෙහි සාම්ප්‍රදායික සිනමාපටවල දකින ත්‍රාසජනක බවට එහා ගිය විවිධත්වයක් දැකිය හැකි බවයි. ඒ වෙනස වෙනුවෙන් අජේ බොහෝ වෙහෙසක් සහ වියදමක් කර තිබුණා.

බෝලා ටැමිල් කොපියක්ද?

අජේ එක්ක භූෂන් කුමාර්” ක්‍රිෂ්ණ කුමාර්” ප්‍රකාෂ් බාබු” ප්‍රභූ සහ රිලියන්ස් එන්ටර්ටේන්ට්මන්ට් බෝලා නිෂ්පාදනයෙන් දායකවෙලා තිබුණා. හයිද්‍රබාද්” මුම්බායි සහ වරනාසිවල රූගත කිරීම් සිදුකළ බෝලා හි තාබු විසින් ප්‍රබල රංගනයක් ඉදිරිපත් කරනවා. සුරූපී නිළි අමලා පෝල්ගේ වෙනස්ම රංගනයක් ඇතුළත් මෙහි සංගීතය ඉතාමත් ආකර්ෂණීය අයුරින් නිර්මාණය කිරීමට සංගීත අධ්‍යක්ෂක රවී බස්රූර් සමත් වෙලා තියෙනවා. ඊටම ගැලපෙන ලෙස පදරචනය කර තිබුණේ ඉර්ෂාඩ් කමිල් විසින්. ගීත හතරක් අඩංගු වන මෙහි සෑම ගීතයක්ම මේ වනවිට යූටියුබ් හරහා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් නරඹා තිබෙනවා. 2 ඩී” 3 ඩී” අයි මැක්ස් 3 ඩී සහ 4 ඩීඑක්ස් තාක්ෂණය ඔස්සේ ඔබට දැන් බෝලා නරඹන්නට හැකියාව ලැබෙනවා. මේ වනවිටත් ධනාත්මක විචාරක සහ ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගෙන තිබෙන බෝලා අතිසාර්ථක නිර්මාණයක් වෙයි කියලා දැනටමත් ඉඟි පළකරනවා.

අමිල නුවන් මධුසංඛ

advertistmentadvertistment
advertistmentadvertistment