බෝවන සහ බෝනොවන රෝග ඉක්මනින් සුව කරන රන් රස ප්‍රතිකාරය

281

අප කවුරුත් කැමැති ලෙඩක් දුකක් නැතිව නිරෝගීව ජීවත්වීමටය. ඒ සඳහා අපි හැකි සෑම අවස්ථාවකදීම නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්නට උත්සාහ කරන්නෙමු. නමුත් ඇතැම් අවස්ථාවන්හිදී අප නොසිතූ ලෙස විවිධ රෝගවලට ගොදුරු වේ. විශේෂයෙන්ම පිළිකා රෝග, ආමාශගත රෝග, වකුගඩු රෝග, කුෂ්ඨ රෝග, ප්‍රතිශක්ති ඌනතාවය, දියවැඩියාව ආදී ආයුරින් විවිධ රෝග මතුවේ. එවිට මෙම රෝග පාලනය සඳහා විවිධ ඖෂධ වර්ග, ප්‍රතිකාර ක්‍රම වෙත යොමුවේ.

බෝවන සහ බෝනොවන රෝග ඉක්මනින් සුව කරන රන් රස ප්‍රතිකාරය

එහිදී අපට ඇතැම් රෝග පාලනය සඳහා දිගු කාලයක් ඖෂධ ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

ආයුර්වේදයේ සහ පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමයේ ඇති ඇතැම් සුවිශේෂී ප්‍රතිකාර මගින් මෙවැනි රෝග ඉතා ඉක්මනින් සුව කිරීමටත් එම රෝග වැලඳීම පාලනය කිරීමට අවශ්‍ය ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමටත් හැකියාව ඇත.

බෝවන සහ බෝනොවන රෝග ඉක්මනින් සුව කරන රන් රස ප්‍රතිකාරය


එවැනි වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයක් ලෙස රන් රස ප්‍රතිකාර ක්‍රමය හැඳින්විය හැකිය.

● රන් රස ප්‍රතිකාර ක්‍රමය.

රත්තරන් සහ රසදිය භාවිතා කර සිදු කරන මෙම ප්‍රතිකාර ක්‍රමයේදී ඒ සඳහා යොමුවන පුද්ගලයාගේ අතේ අල්ල මතට රත්‍රං සහ රසදිය භාවිත කර සාදාගත් ඖෂධ දෙකක් දමා එය හොඳින් අල්ල මත විනාඩි කිහිපයක් පිරිමදිමින් සිරුරේ අභ්‍යන්තරයට ඇතුළු කරනු ලබයි.

රසදිය කිසිදු ද්‍රව්‍යයක් සමග දිය නොවේ. නමුත් එය රත්‍රං මිශ්‍ර කර පාරම්පරික වෙද ක්‍රමයට සකස් කළ ඖෂධ සමග දියවේ. ඒ අනුව රසදිය සහ රත්‍රං සිරුරට ඇතුළු වී එය හිස සිට දෙපතුල දක්වා ගමන් කරමින් සිරුරේ ඇති විෂ කොටස් විනාශ කර දමයි.

රස දිය සහ රත්‍රං සිරුර තුළට ඇතුළු වී සිරුර පුරා ගමන් කරන විට අදාළ පුද්ගලයාට කිසිදු වේදනාවක් ඇති නොවේ. බොහෝ පුද්ගලයන්ට එම ඖෂධ සිරුර පුරා ගමන් කරන විට ගැඹුරු නින්දක් ඇතිවේ.

මෙම ඖෂධ ශරීරය පුරා ගමන් කළ පසු රසදිය සිරුරින් ඉවත් කරනු ලබයි.

ඒ සඳහා ගොම ගුලි දෙකක් එම පුද්ගලයාගේ දෙපාවල මහපට ඇඟිලි මත ගල්වා කෙසෙල් කොළයක් ආධාරයෙන් බඳිනු ලබයි. විනාඩි කිහිපයකින් රසදිය දෙපාවල මහපට ඇඟිලිවල නියපොතු අතරින් ගොම මතට උරාගනී.

ඉන්පසු එම ගොම ඉවත්කර පිරිසිදු ජල බඳුනකට දමා සෝදා රසදිය වෙන්කර ගනු ලබයි.

එහිදී සිරුරට ඇතුළු කළ රසදිය ප්‍රමාණය අඩුවකින් තොරව නැවත ගොම මතට උරාගෙන ඇති බව ගොමවලින් වෙන්කරගත් රසදිය ප්‍රමාණය පරීක්‍ෂාවට ලක් කිරීමේදී තහවුරු කරගත හැකිය.

ඒ අනුව එම පුද්ගලයාගේ සිරුර අභ්‍යන්තරයේ ඉතිරිව පවතින්නේ සිරුරට ඇතුළු කළ රත්‍රං පමණි. රත්‍රං ඉතා හොඳ ඖෂධයකි. ඒවා සිරුරේ ඉන්ද්‍රියයන් තුළ තිබීමෙන් එම ඉන්ද්‍රියයන් හොඳින් ක්‍රියා කරයි. කිසියම් රෝගී තත්ත්වයක් පවතීනම් ඒවා ඉතා ඉක්මනින් සුව වේ. සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය වෙයි. එනිසා බෝවන රෝග වන වෛරස, බැක්ටීරියා රෝගවලින් ආරක්ෂා කරයි. බෝනොවන රෝග වන දියවැඩියාව, අධිරුධිර පීඩනය, පිළිකා, කොලෙස්ටරෝල් අධික බව, කුෂ්ඨ රෝග, ඇදුම වැනි ශ්වසන ආබාධ, පාකින්සන් වැනි ස්නායු දුර්වලතා රෝග ආදියද ඉතා ඉක්මනින් සුව වන අතර එවැනි රෝග ඇතිවීමද වළක්වාලයි. එනිසා පැය භාගයකට ආසන්න කාලයක් සිදු කරන මෙම ප්‍රතිකාරය මගින් රෝගියකුගේ රෝග සුවපත් කිරීමට පමණක් නොව නිරෝගී පුද්ගලයකුට තම නිරෝගී බව වර්ධනය කර ගැනීමට ද යොදාගත හැකිය. කෙසේ වෙතත් මෙම ප්‍රතිකාරය සිදු කරනු ලබන්නේ වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයන් සඳහා පමණි.

වැඩිදුර විස්තර සඳහා දුරකථන අංක 0112431530 ඇමැතිය හැකිය.

ආයුර්වේද වෛද්‍ය ජයන්ත එදිරිසිංහ
කොටහේන වෛද්‍ය මධ්‍යස්ථානය කොටහේන වීදිය, කොළඹ – 13

සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment