බෞද්ධයන්ගේ උන්නතියට මහඟු මෙහෙයක් කළ විද්වතා මහාචාර්ය ගුණපාල මලලසේකර

680

ඡන්ම සැමරුම වෙනුවෙනි

ලොව ප‍්‍රාචීන අධ්‍යාපනයන් පිළිබඳ කීර්තිමත් මහැදුරකු වූ ආචාර්ය ජී. පී. මලලසේකර විසිවැනි සියවසෙහි ශ‍්‍රී ලංකාවේ විසූ විද්වතුන් අතර මැණිකක් බඳු විය. පාලි සහ බෞද්ධ ශිෂ්ටාචාරය පිළිබඳ මහැදුරකු ලෙස විද්වත් ප‍්‍රජාව උදෙසා සේවය කරන අතරම බෞද්ධයන්ගේ උන්නතිය උදෙසා විවිධ අයුරින් ඔහු නිරතුරුව ම කි‍්‍රයාකාරී විය. මේ සඳහා හෙතෙම සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය උපයෝගී කරගනු ලැබූ අතර දශක හතරක කාලසීමාවක් තුළ එහි විවිධ තනතුරු, එනම් සමලේකම් (1925-1926), සභාපති (1939-1957) සහ බොහෝදෙනකුට පි‍්‍රයමනාප වූ අනුශාසක පදවියද දරමින් කටයුතු කළේය.

මෙම ආයතනයේ ශක්‍යතාව උපරිම තලයකට ළඟාවන පරිදි ශක්තිමත් කිරීමට සැලකිය යුතු මට්ටමකින් උපකාරී වූ මෙම විශිෂ්ට නායකයාට සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය සදා ණයගැති වෙයි.

ලෝක බෞද්ධ ප‍්‍රජාව උදෙසා ඔහු විසින් ඉටුකරනු ලැබූ අතිශයින් වැදගත් කාර්යයන් අතුරින් එකක් නම් 1950 මැයි මස පිහිටුවනු ලැබූ ‘‘ලෝක බෞද්ධ මිත‍්‍රත්ව සමුළුවයි.’’ එය ලෝකයේ එතෙක් පවත්වනු ලැබූ ප‍්‍රථම බොදු සමුළුවවන අතර රටවල් 29 කින් නියෝජිතයන් 129 ක් සහභාගිවූ මහා පරිමාණයේ සමුළුවක් විය. මහැදුරු ගුණපාල මලලසේකර විසින් පොදුවේ මෙරට සමාජයට සහ විශේෂයෙන් බෞද්ධ ජනතාවට ඉටුකරනු ලැබූ අතිවිශාල සේවාව වචනවලින් පවසා නිම කළ නොහැක.

ගුණපාල මලලසේකර ශ‍්‍රීමතාණන් සෝවියට් රුසියාවේ ප‍්‍රථම ශ‍්‍රී ලංකා තානාපති තනතුරට 1957 වසරේත් ඉන් අනතුරුව චීනය, චෙකොස්ලෝවැකියාව, යුගෝස්ලෝවැකියාව, පෝලන්තය හා රුමේනියාව ආදී රටවල තානාපති තනතුරු සහ කැනඩාවේ මහ කොමසාරිස් ලෙසත්, එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත හා 1963 සිට 1967 දක්වා එක්සත් රාජධානියේ ශ‍්‍රී ලංකා මහා කොමසාරිස් තනතුරත් හෙබ වීය.

උසස් පිළිගැනීමක් ඇති විද්වතකු වූ ඔහු බෞද්ධාගමේ විවිධ අංශ පිළිබඳ දැනුමැති, ලෝක ප‍්‍රකට පර්යේෂකයන්ගේ සහභාගිත්වය ඇතිව 1956 සිට බෞද්ධ විශ්වකෝෂය ඇරඹීමට මූලිකත්වය ගනු ලැබීය. නොවැම්බර් මස 09 වැනි දිනට උපන් දිනය යෙදෙන මෙම උදාර විද්වතා උදෙසා සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ වත්මන් සභාපති ලෙස සම්මේලනයේ අනෙකුත් කි‍්‍රයාකාරීන් සමඟ එතුමාට නිවන් සුව ප‍්‍රාර්ථනා කරමි.

චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ
සභාපති
සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය

advertistmentadvertistment
advertistmentadvertistment