බෞද්ධ නටබුන්වලට හානි කරනවා යැයි දෙදෙනකු අත්අඩංගුවට ගැනීම: පුරාවිද්‍යාවට එරෙහිව වවුනියා සරසවි සිසුවෝ විරෝධතාවක

74

වවුනියාව නෙදුන්කේර්නි රක්ෂිතයේ පිහිටි වඩ්ඩමාන පබ්බත බෞද්ධ පුරාවිද්‍යා නටබුන් පිහිටි ප්‍රදේශයේ එම පුරාවස්තූන්වලට හානි සිදුවන අයුරින් කටයුතු කිරීම හා අධිකරණ නියෝග උල්ලංඝණය කරමින් කටයුතු කිරීම යන චෝදනාව යටතේ සැකකරුවන් දෙදෙනකු නෙදුන්කේර්නි පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට විරෝධය දක්වමින් වවුනියාව විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් ඉකුත් 11 දා සවස විරෝධතාවක නිරත විය .

මෙම විරෝධතාව වවුනියාව රෝහල ඉදිරිපිට පැවැත්වූ අතර ඔවුන් එහිදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටද විරෝධතා දැක්විය. කෙසේ වෙතත් අදාළ ස්ථානයේ බ්‍රාහ්මීය අක්ෂර වලින් ලියන ලද කටාරම් ලිපි හා දැගැබේ නටබුන් පාදක කරගනිමින් පුරාවිද්‍යා නිලධාරීන් එම ස්ථානය අනුරාධපුර මුල් යුගයට අයත් වඩ්ඩමාන පබ්බත ලෙස හැඳින්වූ විහාරස්ථානයක් වශයෙන් හඳුනාගෙන ඇති අතර හින්දු භක්තිකයින් එම ස්ථානයේ ඉකුත් 2018 වසරේ අනවසරෙන් කෝවිලක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා නිලධාරීන් අවස්ථා කීපයකදීම ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රීයාමාර්ග ගෙන තිබේ. කෙසේ වෙතත් එම ස්ථානය සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් නියෝග කඩ කිරීම සම්බන්ධයෙන් හින්දු පූජකවරයකු හා තවත් පුද්ගලයකු නෙදුන්කේර්නි පොලිසිය අත්අඩංගුවට ගෙන වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ට දැඩිව අවවාද කොට ඇප මත මුදාහරින ලදී. කෙසේ වෙතත් අදාළ සිදුවීමට විරෝධය පළ කරමින් අදාළ විශ්වවිද්‍යාල සිසුන් මෙසේ විරෝධතාවක නිරත වූ අතර එයට යුද සමයේ අතුරුදන් වූවන්ගේ ඥාතීහුද සහභාගී විය.

මුලතිව් – ප්‍රසන්න ප්‍රදීප්

advertistmentadvertistment
advertistmentadvertistment