බෞද්ධ – පාලි සරසවියේ හිස් අරක්කු බෝතල් 1000ක්

621

තාවකාලිකව වසා දමන ලද හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ඊයේ (21 වැනිදා) සිදු කළ සෝදිසියකදී හිස් මත්පැන් බෝතල් හා බියර් ටින් අතිවිශාල ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

එම විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය නෙළුවේ සුමනවංශ නාහිමියන් ඇතුළු විශ්වවිද්‍යාල බලධාරීන් පිරිසක් විසින් මෙම සෝදිසිය සිදු කර ඇත.

කසළ බැහැර කිරීම සඳහා විශ්වවිද්‍යාලයේ ඇති වළක් තුළ හා අපජලය බැස යන කාණු පද්ධතියට අදාළ ගලි වළක් තුළ මෙම හිස් මත්පැන් බෝතල් හා බියර් ටින් දමා තිබුණු බව ආරංචි මාර්ග සඳහන් කරයි.

විශාල පොහොර උරවල දමා කසළ වළට විසිකර තිබූ හිස් මත්පැන් බෝතල් දහසකට ආසන්න ප්‍රමාණයක් මෙහිදී සොයාගෙන තිබේ.

සෝදිසියෙන් පසු අදාළ හිස් මත්පැන් බෝතල් කුඩු කරමින් එම කසළ වළටම දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

පොලිස් අත්අඩංගුවට ගැනීමට පෙර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සැඟවී සිටියේ ද මෙම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය තුළය. අදාළ හිස් මත්පැන් බෝතල් විශ්වවිද්‍යාලය තුළට පැමිණියේ කෙසේදැයි හෙළි වී නැත.
සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment