බෲනායි සමග තරගයෙන් ශ්‍රී ලංකාවට පරාජය

114

ශ්‍රී ලංකාව සහ බෲනායි දේශය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත සුහද පාපන්දු තරගාවලියේ පළමු තරගය ජයග්‍රහණය කිරීමට බෲනායි කණ්ඩායම පෙරේදා (08 වැනිදා) සමත් වූයේය.

බෲනායි ජාතික ක්‍රීඩාංගණයේ දී පැවති එම තරගයේ පළමු අර්ධය තුළ දෙපිළෙන් ම ගෝල වාර්තා නොවූයේය.

එහෙත් දෙවැනි අර්ධයේ දී බෲනායි නායක මුහමාඩ් අශ්වන් බින් අලි විසින් තරගයේ 59 වැනි මිනිත්තුවේ දී තරගයේ වාර්තා වූ පළමු සහ එකම ගෝලය වාර්තා කිරීමට සමත් වූයේය.

මෙයින් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම තරගය නැවතත් සම මට්ටමට හෝ ගෙන ඒමට දැඩි උත්සාහයක නිරත වුණත් එය ව්‍යර්ථ වුණේ ගෝල 1-0ක ජයක් බෲනායි දේශයට හිමිකර දෙමිනුයි.

තරගාවලියේ දෙවැනි තරගය හෙට (11) පැවැත්වීමට නියමිතයි.

advertistmentadvertistment
advertistmentadvertistment